ඔමික්‍රොන් කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූවන් චීනයේ ප්‍රදේශ කිහිපයකින්ම හමුවී ඇති බව වාර්තා වෙයි.
චිනයේ ශීත ඍතු ඔලිම්පික් තරඟාවලිය ආරම්භ වීමට ඇත්තේ තවත් සතියක පමණ කාලයක් බැවින් එරට බලධාරීන් මෙලෙස ඔමික්‍රොන් ආසාදිතයින් හමුවීමත් සමග යම් කැළඹිලිකාරී තත්ත්වයකට පත්ව ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
චීනයේ ප්‍රථම ඔමික්‍රොන් ආසාදිතයෙක් හමුව ඇත්තේ ටියැන්ජියන් නම් වරායෙන් වන අතර මේ වන විට හෙනන් පළාතෙන් ද ආසාදිතයන් හමුවී ඇත.
කෙසේ නමුත් ටියැන්ජින් පළාතෙන් ආසාදිතයෙකු වාර්තා වීමත් සමග එම නගරයේ වෙසෙන 1.4ක් වූ සමස්ත ජනගහණයම වෛද්‍ය පරීක්ෂණ වෙත යොමු කිරීමට චීන බලධාරීන් කටයුතු කර ඇත.















































