English
සිංහල
00:31 ඉරිදා, ඔක්තෝබර් 26, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    ඔරියන්ට්  finance සමාගම වාහනයක් හොරකම් කරලා –  වැලිගෙපොල පොලිසියට පැමිණිල්ලක්.

    Sri Ravana by Sri Ravana
    වසර 3ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    වැලිගෙපොල පොලිස් බලප්‍රදේශයේ තලගස්කන්ද නමැති ප්‍රදේශයේ නිවසක නවතා තිබු වාරික හිඟ ත්‍රීවීල් රථයක් නිවැසියන්ට නොදන්වා රැගෙන ගොස් තිබේ. මෙසේ රැගෙන ගොස් තිබෙන්නේ YP – 4386 අංක දරන පියාජියෝ වර්ගයේ ත්‍රිවීල් රථයකි. පැමිණිලි අංකය වන්නේ CIB (1) 148/ 70 වේ.

    මෙහි තිබෙන වැදගත් සිද්ධිය නම් අදාළ ත්‍රිවිල් රථ හිමිකරු 2021 12 21 වැනි දින රුපියල් ඒ වන තෙක් හිගව පැවති මුදල් සදහා රුපියල් ලක්ෂයක් යොදා තිබීමත් ඒ වන විටත් රක්ෂණ සහ අදායම් බලපත්‍රය කල් ඉකුත්ව තිබීම නිසා එය අලුත් කිරීම සදහා ඉල්ලා සිටියත් එයද අදාළ ඔරියන් finance සමාගම කටයුතු කර නැත. නමුත් පසුගියදා එය රැගෙන ගිය පසු රථය සහ එහි තිබෙන දේවල් ලබා දීම සදහා මුදල් හිග වාරික මෙන්ම වාහනය රැගෙන යාම සදහා ගිය වියදම ගෙවන ලෙස ඔවුන්ට පවසා තිබෙන අතර ඔවුන් රුපියල් ලක්ෂ එක හමාරක් රැගෙන ගොස් එය ඔවුන්ට ගෙවා වාහනය ලබා දෙන ලෙස ඉල්ලීමක් කලද ඔවුන් රුපියල් 780000 ක් එක වර ගෙවා එය රැගෙන යන ලෙස දනු වූ බවද සදහන් වේ.

    පිළිගත් මාධ්‍ය ආයතනයක් ලෙස ඒ පිලිබදව ඔවුන්ගේ කළමනාකරුවකු බව පැවසූ 0772981308 දුරකථන අංකයට පසුගිය 16 වැනිදා හවස 16.36  ට පමණ කතා කර ඒ පිලිබදව විමසීමක් කල අතර අගතියට පත් පාර්ශවයේ චෝදනාව මෙන්ම ඒ සදහා තිබෙන නීතිමය පැතිකඩ පිලිබදව විමසීමක් කරන ලදී. නමුත් මෙම වාහනය රැගෙන ගොස් ඇති බවත් රුපියල් 780000 ක් මුදලක් යොමු කිරීමට පැවසීම පිලිබදව පිළිතුරක් ලබා දීමට අපොහොසත්විය. එසේම අප පෙරලා ප්‍රශ්නකරමින් රටේ පවතින නීතියට අනුව කිසිදු මූල්‍ය ආයතනයකට එසේ වාහන බලහත්කාරයෙන් රැගෙන යාමට නොහැකි බවද, ඔවුන් කල යුත්තේ මුදල් නොලබන්නේ නම් දිසා අධිකරණයක නඩුවක් පවරා එය අය කරගැනීම නේද ? යන්න අසු ප්‍රශ්නයට ඔහු පෙරලා පවසා සිටියේ එහෙම නීතියක් නැති නම් අපට විරුද්දව නීතියට අනුව කටයුතු කරන ලෙස අගතියට පත් පාර්ශ්වයට දැනුම් දෙන ලෙසයි. කෙසේ නමුත් එම ප්‍රකාශකයා සදහන් කලේ “ ඔබ මාධ්‍ය ආයතනයක් බවට අපි හදුනාගන්නේ නෑනේ. එහෙම කියලා ඕනි කෙනෙකුට කතා කරන්න පුළුවන්නේ”. නමුත් අපගේ මාධ්‍යවේදියා නැවත පිළිතුරු ලබා දෙමින් පවසා ඇත්තේ “අපට ඔබගෙන් කරුණු විමසීමට අවශ්‍ය නැහැ. නීතියට අනුව අපට තිබෙන්නේ අගතියට පත් වූ පුද්ගලයාගේ ප්‍රකාශය පල කිරීමෙන් පසු ඔබ ලබා දෙන ප්‍රකාශයද ඒ අකාරයෙන්ම පල කිරීම පමණක් වුවත්, පුරුද්දක් ලෙස දෙකම එක් වර සටහන් කිරීම සමහර අවස්ථාවලදී පමණක් සිදු කරන බවයි”. කෙසේ නමුත් එම සංවාදය එතැනින්ම අවසන්ව තිබේ.

    රාවණා සටහන

    කෙසේ වුවත් අප මෙවැනි කරුණු පිලිබදව සොයා බල ලබා තිබෙන අත් දැකීම වලට අනුව පොලීසිය මගින් නීතියක් සිදු නොවේ. එයට හේතුව නම් පොලිස් ස්ථානාධිපතිවරු මෙන්ම අගතියට පත් වූ පාර්ශ්වයන් ද එම සාමාන්‍ය නීතියේ ස්වභාවය හදුනා ගෙන නොතිබීමයි. ගිවිසුමක් ගැසූ විට ගිවිසුම කඩ කලේ නම් එය සදහා සිවිල් අධිකරණයේ නඩු පැවරිය යුතුය. නමුත් ගිවිසුම් නිතිය ඉතාම ගැඹුරු විෂයක් වන අතර බොහෝ මූල්‍ය ආයතන මෙන්ම ඒවායේ කටයුතු කරන බොහෝ නීති නිලධාරින්ද ගිවිසුම් නීතිය නොදන්නා බව පැහැදිලිවම හදුනා ගත හැක්කේ ඒවායේ සදහන් කර තිබෙන කොන්දේසි දෙස බලන විටය. කිසිම පුද්ගලයෙකුට ඕනි ඕනි ආකාරයෙන් ගිවිසුම් ගැසීමට නොහැකි අතර එවැනි ගිවිසුම් අසාධාරණ ගිවිසුම් වැලක්වීමේ ආඥා පනතින් මෙන්ම වංචා වැළක්වීමේ නීතියෙන් එසේ ගිවිසුම් ගැසීමෙන් වලක්වා තිබේ. එවැනි කරුණු අනාවරණය කර ගැනීමට සිදුවන්නේ දිසා අධිකරණයේදී වන අතර පොලිස් විමර්ශනවලදී අනාවරණය කර ගැනීමට නම් අදාළ පොලිස් නිලධාරීන්ට නීතිය පිලිබදව තිබෙන දැනුම පුළුල් විය යුතුය.

    ලංකා දණ්ඩ නීති සංග්‍රහයට අනුව නොකියා රැගෙන ගියේ නම් එය හොරකමකි. තමන්ගේ දෙයක් වෙනත් කෙනෙකුගේ බාරයේ තිබී, ඔහුට නොදන්වා රැගෙන ගියේ නම් එය හොරකමකි. එසේම තමන්ගේ දෙයක් වෙනත් කෙනෙකුට බාර දී තිබියදී එය බලහත්කාරයෙන් රැගෙන ගියේ නම් එය මන්කොල්ලයකි. තමන්ගේ දෙයක් වෙනත් පුද්ගලයෙකුට නීතියානුකූලව භාර දී තිබේ නම් එය නැවත ලබා ගත යුත්තේ නීත්‍යානුකූලව සාමකාමී ලෙස විනා හොරෙන් හෝ බලහත්කාරයෙන් නොවේ. මෙරට තිබෙන නීතියේ වැදගත්කම එයයි. නමුත් නීතිය ක්‍රියාත්මක කරන පොලිස් නිලධාරීන් එය නොදන්නේ නම් එවිට රටේ ජනතාවට සිදුවන්නේ පීඩා විදීමටයි.

    නමුත් වාහනයක් අනවසරයෙන් රැගෙන යන්නේ නම් හෝ එසේ රැගෙන ගොස් ඇත්තේ නම් අදාළ මූල්‍ය ආයතනය සිදුකර තිබෙන අපරාධමය වැරදි මොනවාද යන්න අනාවරණය කර ගැනීමේ කටයුත්ත සිදුකල යුත්තේ පැමිණිල්ල ලැබුණු පොලීසිය වේ. අප මේ වාර්තා කරන සිද්ධියට අනුව මෙම ඔරියන් නමැති සමාගම සාපරාධි විශ්වාශය කඩ කර තිබේ. එසේම රාත්‍රී ඉඩමකට ඇතුල් වී තිබේ. එයින් අයුතු ඇතුල්වීම පැහැදිලිවම පෙනෙන අතර සහ තමන්ට අයත් නොවන දේවල් තිබෙන බව දැන දැනම මංකොල්ලයක් ද සිදු කර තිබේ. ඒ අනුව ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 33, 36 මෙන්ම 38 වගන්තීන් වලින් මූලිකවම විග්‍රහ කර තිබෙන “ වරද” සිදුකර තිබේ.

    ඒ අනුව ලංකා දණ්ඩනීති සංග්‍රහයේ 56,90,100, 101, 120, 289, 330, 339, 340, 341, 366, 372, 388, ආදී වගන්ති ගණනාවකින් අදාළ රථය රැගෙන ගිය පුද්ගලයන්ට මෙන්ම ආයතනයේ පාලනාධිකාරියට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීම පොලිසියේ රාජකාරිය වේ. පොලීසිය නීතිය ගැන නොදන්නා නිසා අගතියට පත් පාර්ශ්වයන්ට විවිධ ගැටළු වලට මුහුණ දීමට සිදුවන අතර පොලිසියේ වරද නිසාම අගතියට පත් පාර්ශ්වයන්ට තව තවත් වැරදි කිරීමට සිදු වේ.

    පොලිසිය නෙතිය නොදැනීමේ හේතුවෙන් මීට අවුරුදු ගනනාවකට පෙර සිටම සාමාන්‍ය වැසියන් පීඩා විදින අතර පසුගියදා ගාලු මුවදොර සිද්දියේදී වුවත් දේශබන්ධු තෙන්නකෝන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීමට පොලිස්පතිවරයා මෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවද තවමත් අසමත්ව තිබේ. නමුත් ඒ සදහා ප්‍රභල දේශපාලන මැදිහත්වීම් තිබෙන බවද අප මීට පෙර වාර්තා කර තිබේ.

    කෙසේ නමුත් දේශපාලකයන්ගේ වරදින් මෙන්ම පොලිස් නිලධාරින්ගේද වරදින් මේ වන විට ශ්‍රී ලංකාවේ සියලුම දේ බිද වැටී තිබේ. මේ පුවතට අදාළ සිද්ධියට සමාගමකට විරුද්දව නීතිය ක්‍රියාත්මක කිරීමේදීද ස්ථානාධිපතිට දුරකථන ඇමතුම් පැමිණෙන්නේ පොලිසියේම උසස් නිලධාරීන්ගෙන් හෝ දේශපාලකයකුගෙනි. කාගෙන් දුරකථන ඇමතුම පැමිණියත් පීඩා විදින ජනතාව බේරාගැනීමේ නිසි රාජකාරිය කල යුත්තේ අදාළ පොලිස් ස්ථානාධිපති වේ.

    Tags: SRI LANKA ECONOMIC CRISISජනතා ඉල්ලීම් සහ ප්‍රශ්නවෙළද
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    Uncategorized

    රන් මිලත් පහළට .

    මාර්තු 15, 2024
    Uncategorized

    ඩොලරය තවත් පල්ලම් බහී.

    මාර්තු 15, 2024
    Uncategorized

    ආනයනික ආහාර ද්‍රව්‍ය තුනක මිල පහළට .

    මාර්තු 14, 2024
    ආර්ථික

    අද ඩොලරය .

    මාර්තු 13, 2024
    ආර්ථික

    රන් මිලෙහි ශීඝ්‍ර පහළයෑමක්.

    මාර්තු 13, 2024
    ආර්ථික

    ඩොලරය පහළට .

    මාර්තු 12, 2024
    ආර්ථික

    එළවළු මිල පහළට .

    මාර්තු 12, 2024
    ආර්ථික

    කිරිපිටි මිලේ වෙනසක් .

    මාර්තු 12, 2024
    ආර්ථික

    ලොකු ලූණු මිල ඉහළට .

    මාර්තු 11, 2024
    විශේෂ පුවත්

    මධ්‍යම තැපැල් හුවමාරුවේ වර්ජනයක් .

    මාර්තු 10, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version