95 වැනි ඇකඩමි හෙවත් ඔස්කාර් සම්මාන උලෙළ ලොස් ඇන්ජලීස් හි ඩොල්බ් රගහලේදී අති උත්කර්ෂවත් ලෙස ආරම්භ වී ඇති බවට වාර්තා වේ.
මෙවර ඔස්කාර් සහය නලුවා සම්මානය “Everything Everywhere all at once” සිනමා පටයේ රංගනය වෙනුවෙන් කී හේ ක්වෑන් හිමි කර ගත් අතර සහය නිලිය සම්මානය එම සිනමා පටයේම ජේම් ලී කර්ට්ස් විසින් හිමි කර ගත් බවට වාර්තා වේ.
එමෙන්ම මෙවර අතිශය ජනාදරයට පාත්‍ර වූ RRR ඉන්දීය සිනමාපටයේ එන ‘නාටු නාටු’ ගීතය මෙවර ඔස්කාර් සම්මානයට පාත්‍ර වූ බවට වාර්තා වේ.