ඕමානයේ “සුරක්ෂා” නිවසේ සිටි ගෘහ සේවිකාවන් 7 ක් අද (8) අළුයම දිවයිනට පැමිණ තිබේ.
ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ මැදිහත්වීම මත මස්කට් නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් ගුවන්යානයකින් අද උදැසන 5.22 පමණ පැමිණි බව වාර්තාවේ.
ඕමානයේ “සුරක්ෂා” නිවසේ රදවා තබා සිටින ගෘහ සේවිකාවන් 118 දෙනකු අතරින් 7 කු මෙලෙස පැමිණ ඇති අතර තවත් ගෘහ සේවිකාවන් 111 කු එහි රදවා තබා ඇති බව සදහන් වේ.
මෙලෙස පැමිනි අය මඩකලපුව, ත්‍රිකුණාමලය, කින්නියා, වෙන්නප්පුව ප්‍රදේශ වල පදිචි කාරිනියන් වන අතර ඔහුන් ගුවන් තොටුපලේදී විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් විසින් බාරගෙන ඇති බව සදහන්වේ.
















































