මේ වන විට රට තුළ උග්‍ර ඖෂධ හිඟයක් මෙන්ම වෛද්‍ය උපකරණ හිඟයක් ද පවතියි.
මේ අතර වාර්තා වන්නේ කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ එක්ස්රේ යන්ත්‍රය ද අක්‍රිය වී ඇති බවයි.
සමස්ත ලංකා හෙද සංගමය සඳහන් කළේ මෙනිසා රෝගීන් දැඩි අපහසුතාවයකට ලක්ව ඇති බවයි.
සමස්ත ලංකා හෙද සංගමයේ ලේකම් එස්.බී.මැදිවත්ත මහතා සඳහන් කළේ එම යන්ත්‍රය මාස 03කට අධික කාලයක සිට ක්‍රියාත්මක කිරීමේ දී විවිධ ගැටලු මතුව ඇති බවයි.
මෙම ගැටලුව හේතුවෙන් රෝගීන්ට දින ගණනාවක් පුරාවට රෝහල තුළ රැඳී සිටීමට සිදුව ඇති බව ද එම මහතා පෙන්වා දී ඇත.














































