දේශීය වෛද්ය රාජ්ය අමාත්ය සිසිර ජයකොඩි මහතා සඳහන් කළේ ආයුර්වේද නිෂ්පාදන ලෙස කංසා ගැන නීතිගත කිරීමට අදාළ නීති මේ වන විට සකස් කර අවසන් බවයි.
අදාළ නීති කඩිනමින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ලබාගැනීමට නියමිත බව ද අමාත්යවරයා කොළඹ පැවති උත්සවයකට එක්වෙමින් මේ පිළිබඳ සඳහන් කර ඇත.
කෙසේ නමුත් අමාත්යවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ කංසා මත්ද්රව්යයක් ලෙස භාවියට තරුණයින්ට ඉඩ ලබා දෙන්න හෝ මේවා විනෝදාස්වාදයන් සඳහා යොදා ගැනීමට හැකියාව නොමැති පරිදි මෙම නීති සම්පාදනය වන බවත් මේවා ආයුර්වේද නිෂ්පාදන වශයෙන් යොදාගෙන ඖෂධ නිෂ්පාදනය කර එම ඖෂධීය කංසා සහ එම නිස්සාරණ ලෝක වෙළඳපොළේ විශාල ඉල්ලුමක් සඳහා සැපයීමට කටයුතු කළ හැකි බවත් ය.















































