නීතිවිරෝධී ලෙස මෙරටට රත්‍රන් බිස්කට් රැගෙන පැමිණි ඉන්දීය ජාතිකයෙකු කටුනායකදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කටුනායක ගුවන්තොටුපොළ ඒකකයේ නිලධාරීන් විසින් අදාළ වැටලීම සිදුකර තිබේ.
එහිදී සැකකරු සතුව තිබී රත්‍රන් ග්‍රෑම් 500ක් සොයාගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සඳහා සැකකරුව රේගු නිලධාරීන් භාරයට පත් කර ඇති බව සදහන්.














































