අප නිරන්තරයෙන්ම සදහන් කරන ප්‍රධානතම කාරණාවක් වනුයේ ශ්‍රී ලංකාවේ බොහෝ පුරවැසියනට මෙන්ම පාලකයන්ටද සහ තීරණ ගන්නා රාජ්‍ය සේවකයන්ටද රටක් ලෙස මෙන්ම පුරවැසියෙකු ලෙසද අනාගත දැක්මක් නොමැති බවයි.
මිනිසෙකු ලෙස මෙන්ම පුරවැසියෙකු ලෙසද ඉදිරියට යාමට නම් විවිධ සූදු ක්‍රම වලින්ද ජනතාව බැහැර විය යුතුය. නමුත් මානසික මෙන්ම ආර්ථික සංවර්ධනය සදහා දැක්මක් වෙනුවට නිරන්තරයෙන්ම දක්නට ලැබෙන්නේ සමාජය විනාශය කරා ගෙන යන ක්‍රම සදහා නීත්‍යානුකූලව අවසර ලබා දීමයි.
අදත් කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්චාවේදී අපට දක්නට ලැබුනේද තවත් එවැනි සිද්ධියකි. ශ්‍රී ලංකාවේ කැසිනෝ කර්මාන්තය නියාමන පනතේ විධිවිධාන බලාත්මක කිරීමට අවශ්‍ය නියෝග නිකුත් කිරීමට කටයුතු කර තිබෙන බවයි. ඒ අනුව එම පනත යටතේ කිසිඳු කැසිනෝ ව්‍යාපාරයකට බලපත්‍ර නිකුත් කර නොමැති බැවින් දැනට කැසිනෝ ව්‍යාපාරයේ නිරත ආයතන වෙතින් විධිමත් පරිදි බදු අයකරගැනීමට අපහසු වී ඇතැයි ද මේ සම්බන්ධයෙන් අගමැතිවරයා ඇමති මණ්ඩලයට ඉදිරිපත් කර ඇති යෝජනාව මගින් කියවෙන බවද එහිදී අනාවරණය විය.
එබැවින් එවැනි ව්‍යාපාර නියාමනය කිරීමේ සහ රජයට අය විය යුතු බදු නියමිත පරිදි අයකරගැනීමේ අරමුණින් 2010 අංක 17 දරණ කැසිනෝ ව්‍යාපාර (නියාමනය කිරීමේ) පනත යටතේ නියෝග නිකුත් කිරීමටත්, 1988 අංක 40 දරණ ඔට්ටු ඇල්ලීම සහ සූදු බදු පනතට අවශ්‍ය සංශෝධන හඳුන්වාදීමටත් පියවර ගැනීම සඳහා කැබිනට් අනුමැතිය හිමි වූ බවද අද අනාවරණය විය.