English
සිංහල
00:06 සිකුරාදා, නොවැම්බර් 14, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    කඳුකරයේ දමිළ ජනතාව සම්පූර්ණයෙන් ශ්‍රී ලංකා සමාජයට ඒකාබද්ධ කිරීමේ වගකීම ඉටු කරනවා. – ජනපති .

    publisher 1 by publisher 1
    වසර 2ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp
    • සියලු ජනතාව ඒකරාශි කර ගනිමින් රට ඉදිරියට ගෙන යාම අරමුණයි – ජනපති
    • “නාම් 200” සැමරුම් උත්සවයේ දී පවසයි.
    • ඉන්දීය ආධාර යටතේ නිවාස 10,000ක් ඉදිකිරීමේ ව්‍යාපෘතියකට මුල් ගල් තැබේ.

    මෙරට ආර්ථිකය වෙනුවෙන් සුවිශේෂී දායකත්වයක් ලබාදුන් කඳුකර දමිළ ජනතාව වෙනස් ප්‍රජාවක් ලෙස නොසළකා ඔවුන් සම්පූර්ණයෙන් ශ්‍රී ලංකා සමාජයට ඒකාබද්ධ කිරීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

    කුමන ජන කොටසක් නියෝජනය කළද සියලු ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ අයිතිවාසකම් දිනා දීම වත්මන් රජයේ ප්‍රතිපත්තිය බව පැවසූ ජනාධිපතිවරයා සියලුදෙනා එක්කර ගනිමින් ශ්‍රී ලංකාව දියුණු රටක් ලෙස ගොඩනැගීම තම අරමුණ බව ද කියා සිටියේය.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ කඳුකර දමිළ ජනතාව මෙරටට පැමිණ වසර 200ක් පිරීම නිමිත්තෙන් අද (02) පස්වරුවේ කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රිඩාංගණයේ පැවති “නාම් 200” (අපිට 200) සැමරුම් උත්සවය අමතමිනි.

    මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය සහභාගී වුවාය,

    කඳුකරයේ දමිළ ජනතාව 5000කට වැඩි පිරිසක් මීට එක්ව සිටී අතර ඔවුන් ඉතා උණුසුම් ලෙස මෙහිදී ජනාධිපතිවරයාව පිළිගත්හ.දමිළ සංස්කෘතිකාංග රැසකින් උත්සවය වර්ණවත් විය.

    කොටගල, මවුට්වර්නන් වතුයායේ දිඹුල පහළ කොටසේ ඉන්දීය ආධාර යටතේ ඉදිකිරීමට නියමිත නිවාස 10,000කින් යුත් ව්‍යාපෘතිය සඳහා මුල්ගල් තැබීමේ අවස්ථාවට ද මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය මුදල් ඇමති නිර්මලා සීතාරාමන් මහත්මිය මාර්ගගත තාක්ෂණය ඔස්සේ එක් වූහ.

    හැටන් වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ ඉදිකරන ලද නව ශ්‍රවණාගාරය සහ පරිගණක ඒකකය විවෘත කිරීම ද මාර්ගගත තාක්ෂණය ඔස්සේ සිදු කෙරුණු අතර පාසල් සිසුන් වෙත පාසල් උපකරණ ප්‍රදානය කිරීම ද සංකේතවත්ව සිදු විය.

    ශ්‍රී ලංකාවේ මූල්‍ය ස්ථාවරත්වය ඇති කිරීම වෙනුවෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ප්‍රමුඛ රජය ලබාදුන් දායකත්වය මෙහිදී සිහිපත් කළ ජනාධිපතිවරයා එම සහාය නොවන්නට අද මෙම උත්සවය සාර්ථකව පැවැත්වීමට නොහැකි බව සඳහන් කළ අතර, ඒ වෙනුවෙන් කැපවූ ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මියට විශේෂ ප්‍රශංසාවක් ද එක් කළේය.

    මෙම සැමරුම් උත්සවය සමඟ කඳුකර දමිළ ජනතාවගේ ජීවිතවල නව ගමනක් ඇරඹෙන බව පැවසූ ජනාධිපතිවරයා ඔවුන්ට ඉඩම් ඔප්පු ලබාදීම, අධ්‍යාපන අයිතිය තහවුරු කිරීම ඇතුළු වරප්‍රසාද දිනා දීමට ද රජය කැපවී සිටින බව වැඩිදුරටත් පැවසීය.

    මෙහිදී අදහස් දැක්වූ අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේ රටට විදේශ විනිමය උපයාදිමට කැපවූ කඳුකර දමිළ ජනතාව වසර 200 පුරාවටම සිය දහදිය, කඳුලු, ලේ වගුරුවා මෙම ලාංකීය භූමිය පෝෂණය කළ අතර නිදහසින් පසු ශ්‍රී ලංකාව ගොඩනැඟීමට වැඩිම දායකත්වයක් ලබා දුන් ජනතාවක් ලෙස ඉතිහාස ගත වන බවයි.

    ඔවුන්ගේ එම දායකත්වයට නිසි ඇගයීමක් ලබාදෙමින්, ඔවුන් වෙනස් ප්‍රජාවක් ලෙස නොසළකා තවදුරටත්ශ්‍රී ලාංකේය සමාජයට ඒකාබද්ධ කිරීම වෙනුවෙන් පුළුල් වඩසටහනක් ක්‍රියාත්මක කෙරුණු පළමු අවස්ථාව මෙය බවද අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය. ‍

    ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය මෙහිදී අදහස් දක්වමින් කියා සිටියේ කඳුකරයේ දමිළ ජනතාව ශ්‍රී ලාංකීය ආර්ථිකය ශක්තිමත් කිරීම වෙනුවෙන් විශාල දායකත්වයක් ලබා දුන් බවයි. ඔවුන් ඇඟයීමට සහ ඔවුන්ගේ වරප්‍රසාද දිනා දීමට රජය ගෙන යන වැඩපිළිවෙළ අගය කළ අමාත්‍යවරිය ඒ සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට ඉන්දිය රජය කටයුතු කරන බවද පැවසුවාය.

    ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ ලේකම් සහ වැවිලි යටිතල පහසුකම් හා ජල සම්පාදන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා ද මෙහිදී අදහස් දැක්වීය. මෙරට ආර්ථිකය ශක්තිමත් කිරීම වෙනුවෙන් ලේ, දහදිය, කදුළු වැගිරූ කඳුකරයේ දමිළ ජනතාවට සාධාරණය ඉටු කිරීමට නම් දේශපාලන යෝජනාවලට වඩා සැබෑ වෙනස්කම් අවශ්‍ය බව පෙන්වා දුන් ඒ මහතා එම වෙනස ඇති කිරීමට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විශාල දායකත්වයක් ලබාදෙමින් සිටින බවත් ඒ වෙනුවෙන් සමස්ත ශ්‍රී ලාංකීය ජනතාව වෙනුවෙන් ඉන්දීය රජය වෙත ස්තූතිය පළ කරන බවත් පැවසීය.

    මහා සංඝරත්නය ඇතුළු සර්ව ආගමික නායකයන් ද, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, නිමල් සිරිපාල ද සිල්වා, සුසිල් ප්‍රේමජයන්ත, අලි සබ්‍රි, මහින්ද අමරවීර, බන්දුල ගුණවර්ධන, මනුෂ නානායක්කාර, ලසන්ත අලගියවන්න, පාර්ලිමේන්තුමේන්තුවරුන් වන වජිර අබේවර්ධන, වඩිවේල් සුරේෂ්, දුමින්ද දිසානායක, නිමල් ලන්සා, එම්. ඒ. සුමන්තිරන්, ශානක්කියම් රාසමාණික්කම්, මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ ගමගේ, බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන්, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක යන මහත්වරුන් ද, විදෙස් රාජ්‍ය තාන්ත්‍රිකයන්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු දෙස් විදෙස් ආරාධිතයින් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    ( ජනාධිපති මාධ්‍ය ඒකකය )

    Tags: ප්‍රජා පුවත්
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    Uncategorized

    බස් රථ අනතුරකින් අයෙක් මරුට.

    මාර්තු 17, 2024
    Uncategorized

    පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් .

    මාර්තු 16, 2024
    Uncategorized

    අලුතින් ග්‍රාම නිලධාරීන් 2002ක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    පොලිස්පති පත් කිරීමට එරෙහිව FR පෙත්සමක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    දුම්රිය ආසන වෙන් කිරීමේ ගැටලුවක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    බොන්න වතුර නැත්තන් 117ට කියන්න.

    මාර්තු 15, 2024
    Uncategorized

    විද්‍යා පීඨවලට ඇතුළත් වීමට අයදුම්පත් කැදවයි .

    මාර්තු 15, 2024
    Uncategorized

    කෙහෙළියගෙන් මහාධිකරණයට ඇප අයදුම්පතක්.

    මාර්තු 15, 2024
    Uncategorized

    දෙදරා ගිය අනියම් පෙම – දරුවන් දෙදෙනෙකු අනාථ වෙයි.

    මාර්තු 15, 2024
    Uncategorized

    19 වනදා සිට යළිත් සෞඛ්‍ය වර්ජනයක් .

    මාර්තු 15, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version