ඊයේ (14) මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය එන්ජින් රියදුරන් විසින් ආරම්භ කර ඇති වර්ජනයක් හේතුවෙන් දුම්රිය වාර කිහිපයක් ඇණහිට තිබේ.
එසේම මෙම වර්ජනයට හේතුව වී තිබෙන්නේ දුම්රිය රියදුරන් නවාතැන් ගන්නා කාමර පරිශ්‍රයේ විදුලිය කපා හැරීමයි.
මේ හේතුවෙන් කොළඹ කොටුවේ සිට හලාවත, කුරුණෑගල, පානදුර සහ වේයන්ගොඩ දක්වා ගමන් කරන දුම්රිය මේ වන විට ධාවන කටයුතු වලින් ඉවත් වී තිබෙන බව වාර්තා වේ.














































