වාද්දුව මොරොන්තුඩුව මාර්ගයේ මැලැගම ප්‍රදේශයේ පිහිටි නූල් කර්මාන්ත ශාලාවක ගින්නක් හටගෙන ඇති බව වාර්තා වේ.
අදාළ ගින්නෙන් කර්මාන්ත ශාලාවේ විදුලි උපකරණ සහ නූල් විශාල ප්‍රමාණයක් මුළුමනින්ම විනාශයට පත්ව ඇති බව සඳහන් වේ.
කෙසේ නමුත් කළුතර නගර සභාවේ ගිනි නිවන රථ දෙකක්, වාද්දූව පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න පාලනය කිරීම සිදුකර ඇත.
ගින්නෙන් සිදු වූ දේපළ හානිය රුපියල් කොටියකට අධික බව වාර්තා වන අතර ගින්නට හේතුව විදුලි කාන්දුවක් බවට සැකපල කරයි.













































