සිරිපාගම ශ්‍රී පලාබද්දල ප්‍රදේශයේ කළුගඟේ දියනාමින් සිටි සිව්දෙනෙක් ජල පහරට හසුව ගසාගෙන ගොස් ඇති අතර ඉන් දෙදෙනෙක් මියගොස් තවත් අයෙක් අතුරුදන්ව ඇත.
ඊයේ (15) පසුවරුවේ දිය නාමින් සිටිය දී මෙම අනතුර සිදුව ඇති අතර එක් අයෙක් බේරාගැනිමට හැකි වූ බව පොලිසිය සඳහන් කරයි.
ඒ අනුව අතුරුදන්ව ඇත්තේ වයස අවුරු 10ක් වන අඟුරුවාතොට ප්‍රදේශයේ පදිංචිව සිටි පිරිමි දරුවෙකි.
එම ප්‍රදේශයේම දිංචිව සිටි වයස අවුරුදු 22 සහ 40 වන පුද්ගලයින් දෙදෙනෙක් මෙසේ මියගොස් ඇති බවද පොලිසිය නිවේදනය කරයි.