කළුතර බෝධි පරිශ්‍රයේ බුදුමැදුර තුළ තිබී හිටපු විදුහල්පතිවරයෙකුගේ මළසිරුරක් සොයාගෙන ඇති බවට වාර්තා වේ.
කළුතර දකුණ පොලීසිය සඳහන් කළේ අද (31) දහවල් කාලයේදී මෙම මළසිරුර සොයාගත් බවයි.
කළුතර උතුර ප්‍රදේශයේ පදිංචිව සිටී අර්ල් මර්වින් මෙන්ඩිස් නමැති 72 හැවිරිදි විශ්‍රාමික විදුහල්පතිවරයෙකු වූ එක්දරු පියෙකු මෙලෙස මියගොස් ඇති බව සදහන්.
මියගොස් ඇති තැනැත්තා බුදුන් වැඳීම සඳහා නිතර කළුතර බෝධි පරිශ්‍රයට පැමිණෙන පුද්ගලයෙකු බවට තොරතුරු ලැබී ඇතැයි ද පොලීසිය ප්‍රකාශ කර තිබේ.
පරීක්ෂණවලින් පසු මෘතදේහය කළුතර ශික්ෂණ රෝහලට යොමුකළ බව පොලීසිය ප්‍රකාශ කර තිබේ.














































