2023 ශ්‍රී ලංකා ඉන්දීය පළමු එක දින තරගය ඊයේ (10)දින පැවත් වූ අතර එම තරගයේ දෙවන භාගයේදී ලෝකයක් අවදානය යොමු වූ සිදුවීමක් සිදු විය.
ඒ අනුව ශ්‍රී ලංකා නායකයා පන්දුවට පහරදෙමින් ලකුණු 98 ලබා සිටියදී දැවී යාමට ලක්වූ අවස්තාවක් ඉන්දීය නායක රෝහිත් ශර්මාගේ පුර්ණ මැදිහත් වීමෙන් නොදැවුණු ක්‍රීඩකයෙක් ලෙස ඔහුට ක්‍රීඩා කිරීමට අවස්තාව ලබාදීමයි
තරගයේ අවසාන පන්දුවාරය යවමින් සිටි ඉන්දීය ක්‍රීඩක මොහොමඩ් ෂමී විසින් දසුන් ශනකව මන්කාඩි ක්‍රමයට දවාගැනීම විනිසුරුවරයාගෙන් විමසු අවස්ථාවේ ඉන්දීය නායක රෝහිත් ශර්මා මැදිහත් වී එම ඉල්ලීම ඉල්ලා අස්කර ගන්නා ලදී.
දසුන් ශානක ඒ අනුව අවසන් පන්දු වාරයේදී තම දෙවන එක්දින ශතකය ලබා ගත් අතර ඔහුගේ ඉනිමට හතරේ පහර 12 හා හයේ පහර 3 අන්තර් ගත විය.
ශර්මා ක්‍රීඩාවේ මහත්මා ගුණයට වර්තමානයේ වටිනා උදාහරණයකි.













































