උෳව පළාත් ක්‍රීඩා හා තරුණ කටයුතු ප්‍රවේශ වැඩසටහන අද (9) දින ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහගේ ප්‍රධානත්වයෙන් පැවති අතර එම අවස්ථාවට සහබාගි වීම සදහා අමාත්‍ය වරයා පොදු ප්‍රවාහන දුම්රිය භාවිතා කර ඇති බව වාර්තා වේ.
කොළඹ සිට බදුල්ල දක්වා ඒ මහතා මෙසේ ගොස් ඇත්තේ රටේ පවතින දැඩි ආර්ථික අරබුදය විසදෙන තෙක් ඔහුද ජනතාව මෙන් පොදු ප්‍රවාහන ගමනාගමන පහසුකම් සලසා ගන්නා බවට තීරණය කොට ඇති බැවින් බව වාර්තා වේ. එලෙසම සාමාන්‍ය පරිදි අහාර පාන සාමාන්‍ය ආපනශාලා වෙත ගොස් ලබාගෙන ඇති බවද වාර්තා වේ.
ඔහු මීට පෙර දිනයකද රාජකාරී කටයුක්තක් සදහා කොළඹ සිට මහනුවර දක්වා පොදු ප්‍රවාහන දුම්රියෙන් ගමන් ගත් බව අප වාර්තා කළෙමු.














































