ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලීම් කර ඇත්තේ තව දුරටත් ශ්‍රී ලංකාව පිළිබඳව සිය අධීක්ෂණය ශක්තිමක් කරන ලෙසයි.
හෙට (12) දිනයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වන සැසිවාරය ආරම්භ වීමට නියමිත අතර එය ඔක්තෝම්බර් මස 07 වනදා තෙක් පැවැත්වීමට නියමිතව ඇත.
එහි දී ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය පෙන්වා දී ඇත්තේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය විසින් ආරම්භ කර ඇති ශ්‍රී ලංකාවේ වගවීම් පිළිබඳ ව්‍යාපෘතිය ශක්තිමත් කළ යුතු බවයි.
එම සංවිධානය, මානව හිමිකම් තත්ත්වයන් නිරීක්ෂණය කිරීම, වාර්තා කිරීම, ප්‍රවර්ධනය සහ නිර්දේශ සැපයීම සඳහා ශ්‍රී ලංකාව පිළිබඳව විශේෂඥ යාන්ත්‍රණයක් පිහිටුවන ලෙස ද මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලීම් කර ඇති බව වාර්තා වේ.















































