ඛනිජ තෙල් ඇමති කිසිවෙකුටත් නොදැනීම කාටත් හොර රහසේම ජනතාවට ඉන්ධන වැඩි මිලට විකුණන අකාරය ඊයේ අනාවරණය වුයේ කෝප් කමිටුවේදීය. එසේම මිනිසුන්ට දෙගුණයකටත් වඩා වැඩියෙන් ඉන්ධන විකුණා ලබා ගන්නා මුදල්වලට සිදුවන්නේ කුමක්ද යන්නද ගැටළු සහගතව අනාවරණය ඊයේ (07) මහබැංකු අධිපතිගේ මාධ්‍ය සාකච්චාවේදීය. ඒ අනුව වාර්තා වුයේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මුදල් ඉල්ලන බවයි.
පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරුන්ට , ප්‍රමුඛ පෙලේ ව්‍යාපාරිකයන්ට, බැංකු ඇතුළු සමස්ත රාජ්‍ය සේවයටම තවමත් ජන දුක දැනී නැත. නමුත් සමහර රාජ්‍ය සේවකයන් ද දුක් විදින බවද සදහන් කල යුතුමය. ඒ කෙසේ වෙතත් ඉහල ශ්‍රේණිවල සිටින ලක්ෂ ගණනින් වැටුප් ලබන රාජ්‍ය සේවකයන්ට මෙන්ම බැංකු සේවය වැනි විශේෂ රාජ්‍ය සේවයේ දී සිටින නිලධාරින්ට කිසිදු ගැටළුවක් ඇතිව තිබෙන බවක් තවනත් දක්නට නැත.
අමාත්‍ය කාංචන විජේසේකර ඇතුළු නඩය හිටුවා පස් ගැසිය යුතුය. ඔහුගේ නම නොකියා වුවත් අමාත්‍ය මහින්ද අමරවීර එය ඊයේ ප්‍රකාශ කළේය. විය යුත්තේද එයමය. හිටුවා පස් ගැසීමට පෙර මාස ගනනාවක් දඩු කඳේ ගැසිය යුතුය. ප්‍රජාතන්ත්‍රවාදයට මුවා වී කරන මහා අපරාධයට දඩුවම් දිය යුත්තේ රජකාලේ ක්‍රමයටයි. එහෙත් ඔවුන්ගේ ලජ්ජා නැතිකමටත් උඩින් තිබෙන ආත්මාර්ථකාමී ජඩවැඩ අනුමත කර ඔවුන් පාර්ලිමේන්තුවට යැවූ ජනතාවද මේ ජඩයන් සමගම දඩුවම් ලැබිය යුතුය. නමුත් ජනතාව ඔවුන් පත් කරගත්තේ ජඩ වැඩ කිරීමට නොවේ. නමුත් ඔවුන්ගේ අතීත ක්‍රියාවන්, ඔවුන්ගේ දෙමාපියන්ගේ ක්‍රියාවන් නිසි ලෙස සොයා බලා කතිරය ගැසීමට දැන්වත් ජනතාව වගබලා ගත යුතුය. එහෙත් එසේ කිරීමට අපට රටක් ඉතිරිවේවිද යන්න දැන් දැන් සැක සහිතය.
ඒ අතර අදත් උදෑසනම අපට වාර්තා වන්නේ ගාල්ල මාගාල්ල අයි. ඕ.සි. ඉන්ධන පිරවුම්පොලේ සිදු වූ මිනිමරුමයි. එය සිදුවන්නේ ඉන්ධන ලබා ගැනීමට පෝලිමේ නවතා තිබු වැගන් ආර් වර්ගයේ රතයකට ඉදිරියෙන් තවත් කාර් රථයක් ඇතුළු කිරීම සම්බන්ධයෙන් අද අලුයම ඇතිව තිබෙන ගැටුමයි. එහි කඩු, කිනිසි හෝ තියුනු ආයධ වලින් පහර දී එක් අයෙකු මරා දමා තිබේ.
වාර්තාවන ආකාරයට මියගොස් ඇත්තේ වංචාවල, යටගල, උඩුමල්වත්ත, අක්මීමන ප්‍රදේශයේ පදිංචි ඩි. ඩබ්ලියු. අචිර සාලින්ද නැමති 25 ස් හැවිරිදි කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ ඉගෙනුම ලබන තරුණයෙකි.
මෙහිදී සිදුව තිබෙන්නේද දේශපාලනයක් විසින් රටට දායාද කර දුන් නොහික්මුණු ජනතාවගෙන් කොටසක් කිසිම ලැජ්ජාවක් නැතිව දින ගනනාවක් තිස්සේ පෝලිමේ සිටි මිනිසෙකුට ඉදිරියෙන් තමන්ගේ වාහනය නවත්වා තිබීමයි. මේ මරණය සිදුකර තිබෙන්නේ ඒ නොහික්මුණු මිනිසා විසිනි. ඔහුද තුවාල ලබා කාරපිටිය රෝහලේ සිටින බව වාර්තා වේ.
කෙසේ වෙතත් සත්‍යම සිදුවීම සොයා පොලිසිය පරීක්ෂණ පවත්වයි. කෙසේ වෙතත් මේ පාපයෙන් ගැලවීමට නම් මෙරට ප්‍රධාන පාලකයාගේ සිට පහලට වගකිව යුතු සියලුම දෙනාට නොහැකි වනු ඇත. මේ කළා වූ මහා විනාශයට ඔවුන්ට මේ මිහිපිට ජනතාවට පෙනෙන්නටම දඩුවම් ලැබෙන බවද කවුරු කවුරුත් දැනගෙන සිටිය යුතුය.
ශ්‍රී නිශ්ශංක මයාදුන්න.