හැටන් ඔයෙන් නාඳුනන කාන්තා මළසිරුරක් සොයාගෙන ඇති අතර පොලිසිය සඳහන් කරන්නේ අදාළ සිරුර ඊයේ (06) රාත්‍රියේ සොයා ගැනුනු බවයි.
වතු යායේ වතු කම්කරුවන් පිරිසක් විසින් ලබා දුන් තොරතුරකට අනුව පොලිසිය විසින් අදාළ මළසිරුර සොයාගෙන ඇත.
හැටන් ඔයේ ෂැනන් ෆෘට්හිල් වත්ත ප්‍රදේශයෙන් මෙම මළසිරුර සොයාගෙන ඇති බව වාර්තා වේ.
මියගොස් ඇති කාන්තාව වයස අවුරුදු 50ක් පමණ වන කාන්තාවක් බවත් මළසිරුර දින කිහිපයක් ඔයේ තිබෙන්නට ඇති බවටත් පොලිසිය සැක කරනු ලබයි.
මියගිය කාන්තාව සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් මේ වන විටත් වාර්තා වී නොමැති අතර සිරුර පිළිබඳ හැටන් පොලිසිය විසින් අංශ කිහිපයක් ඔස්සේ පරීක්ෂණ සිදු කරනු ලබයි.