English
සිංහල
08:02 බදාදා, සැප්තැම්බර් 24, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    කාලකන්නි UNP කාරයන්, දේශපාලන වහල්භාවය සහ ම්ලේච්ඡත්වය.

    Ravana by Ravana
    වසර 4ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    දේශපාලනය නිසා සහ විවිධ පාවා දීම් නිසා අද අපේ රට තුල දරුණු සමාජ විනාශයක් සිදු වෙමින් තිබෙන බව තවමත් බොහෝ දෙනෙකු තේරුම් ගෙන නැත. සාමාන්‍යයෙන් හොද ආර්ථික මට්ටමක සිටින සහ මාසිකව ස්ථීර වැටුප් ලබන ලක්ෂ 30 ක් පමණ වන ප්‍රමාණයකට මෙය තවමත් දැනී නැති බැවින්ම සාමාන්‍ය ජනතාව දුක් විදිති. විවිධ දේශපාලකයන්  තමාට වන්දනා කිරීම වෙනුවෙන්  විවිධ කල්ලි නිර්මාණය කර තිබේ. එසේ නිර්මාණය වූ කල්ලි විවිධ සමාජ විරෝදී ක්‍රියාකාරකම් වල නිරතවන්නේ බොහෝ විට තම දේශපාලකයාගේ ඕනෑ එපාකම් පිරිමසා ගැනීමටයි. සමහර විට දේශපාලකයාටත් නොදැනීම ඔවුන් තම අකටයුතුකම් කරගෙන යන අතර එයින් නොදැනීම දේශපාලකයාගේ දේශපාලන ජීවිතයද අවසන් වෙයි. එසේම රාජ්‍ය සේවයේ  මාණ්ඩලික ශ්‍රේණියට අයත් නිලධාරීන්ද මේ විනාශයට 50% ක් වග කිව යුතුය. දේශපාලකයාට වඩා ජනතාව පීඩා විදින්නේ රාජ්‍ය සේවයේ මාණ්ඩලික සහ මාණ්ඩලික නොවන නිලදාරීන්ගේ වරදිනි. බොහෝ විට ග්‍රාම සේවක ඇතුළු ගම තුල සේවය සදහා පත් කර තිබෙන නිලදාරීන්, ප්‍රාදේශීය ලේකම්වරු, මෙන්ම ශ්‍රී ලංකා පොලිසියද ජනතාව පීඩාවට පත් කරති. ඔවුන්ද දේශපාලනීකරණය වී තිබේ. පසු ගිය දිනක එක්තරා දේශපාලන පක්ෂයක මන්ත්‍රීවරයෙකුගේ ලේකම් වරයෙකු මා සමග යම්කා සාකච්ඡවකදී ‘මල්ලි ඕකුන් ‘, “කාලකන්නි UNP කාරයෝ” ලෙස සදහන් කරන ලදී. ඒ ප්‍රකාශය සමග ශ්‍රී ලංකාවේ අනාගතය කෙසේ වේවිද යන්න සොයා බැලීම සදහා මේ ලිපිය දිග හැරේ.

    කුමන රජයක් පැවතියද රජයට සම්බන්ධ දේශපාලන කල්ලි වල බොහෝ අවස්තා වල දක්නට තිබෙන්නේ ම්ලේච්චත්වයයි. ගම් වල සිටින අදාළ පක්ෂවලට අයත් සාමාන්‍ය සාමාජිකයන්ද එසේමය. එය පක්ෂ බේදයකින් තොරවම දැකිය හැකිය. තම දේශපාලකයාගේ ජයග්‍රහණය සැමරීම වෙනුවෙන් නොයෙකුත් ජයකෙහෙලි නංවන ඔවුන් නොදන්නා, තේරුම් නොගත් කරුණු ගණනාවක් තිබේ. එනම් ලෝකයේ දේශපාලනය සහ ශ්‍රී ලංකාවේ දේශපාලන විකුර්ති භාවය නිසි ලෙස හදුනා නොගැනීමයි. එක් වරක් ජයග්‍රහණයෙන් ජයඝෝෂා නංවන ඔවුන් තම ප්‍රතිවාදීන්ටද පහර දෙයි. එහෙත් අවුරුදු ගණනාවකින් පසුව හෝ එම ප්‍රතිපලය තමන්ටද අත්විදින්නට සිදුවන බව මේ අසරණ මිනිසුන් නොහොත් දේශපාලකයාගේ වුමනාවට බිහි කරගත් චන්ඩින්ට නොපෙනේ.  තමන් වරදක් කල විට දේශපාලකයාගේ  බලපෑම් මත එයින් බේරී එන දේශපාලන සගයන්ට උත්තර ලැබෙන්නේ කවදා හෝ එම පක්ෂය පරාජයට පත් වීමෙන් පසුවය.

    දේශපාලන වුමනාවන් මත යුක්තිය ඉටු නොවූ මිනිසුන් තම වාරය එන තෙක් බලා සිටින්නේ එම පලිය ගන්නටයි. එවිට වරද කල පාර්ශ්වයටද ම්ලේච්ඡත්වයෙන්ම පිළිතුරු ලැබෙයි. එපමණක් නොව, ගොරක දඩමස් වීමද දක්නට ලැබෙයි. මිනිසුන්ට තවමත් නොදැනුනාට පවතින ආර්ථික ප්‍රශ්නයට විසදුම් නොලැබුනහොත් කෝටිපතියන් පමණක් ඉතිරි වී මේ සියලුම දේශපාලන ගැත්තන්ටද කුසගින්නේ සිටීමට සිදු වේ. රජයේ නිලධාරීන්ට වැටුප්වත් ගෙවා ගැනීමට නොහැකි වේවි. මේ සියල්ලම පමණක් නොවේ, ආර්ථික දුෂ්කරතා මත මිනිසුන් තව දුරටත් ම්ලේච්ඡවනු ඇත. පරිසරය තව දුරටත් විනාශ වී උෂ්ණත්වය වැඩි වී වර්ෂාව පවා අහිමි වනු ඇත. විදුලිය නොමැතිව යනු ඇත. දුරකථන විසංදී වනු ඇත. මේවා තේරුම් ගැනීමට හැකි ලෙස බහුතරයක් මිනිසුන්ගේ මනසද විසන්දි වී තිබීම වෙනස් නොකලහොත් සිදු වන විනාශය කිසිවෙකුටත් සිතා ගත නොහැකි වනු ඇත. අසාධාරණය නිසා මිනිසුන්තුල  ඇති වූ  පීඩාව සහ  අසහනය ඔවුන් පිට කරනුයේ කැරළි සහ කෝළාහල වලිනි. දැනට මතුවෙමින් පවතින ගැටලුවලට කෙටිකාලීන සහ දීර්ගකාලීන විසදුම් ලබා නොදුනහොත් ජනසමාජයේ විනාශය සිදු වන අයුරු කිසිවෙකුටත් හිතා ගැනීමට නොහැකි වේ. අභාග්‍ය සම්පන්නම කරුණ නම් අප දකින අනාගත බිදවැටීම් කිසිවක්  වගකිව යුතු රාජ්‍ය ආයතන සහ ඒවායේ නිලධාරීන්ට තවමත් නොදැනීමයි.

    මිනිසාගේම වරද සහ යහපත් දර්ශනයක් නොමැති වීමෙන් මිනිසාම විවිධ මිනිසුන් සමග පැටලෙති. තම යහළුවා වැරදි වුවත්, නිවැරදි වුවත් ඔහු වෙනුවෙන්ද පෙනී සිටිති. බුදු දහම ඉහලින්ම තිබෙන මිනිසුන් සිටින රටේ මිනිසුන්ගේ ම්ලේච්චත්වය කෙතරම් දරුණුද යත් , එකම ගමේ උන් විවිධ දේශපාලකයන් , පක්ෂ වෙනුවෙන් මරා ගනිති. එපමණක්ද නොව දේශපාලනය නොකරන මිනිසුන්ට පවා ඔවුන් විවිධ කරදර සිදු කරන්නේ තම දේශපාලන හිතවත්කම් නිසාය. සමහරු බැන වදින්නේ, “කාලකන්නි UNP කාරයෝ”, “කාලකන්නි පොහොට්ටු කාරයෝ”, “කාලකන්නි ජෙප්පෝ “ ලෙසිනි. සමාජ ජාලවල මේවා දක්නට ලැබෙන්නේ මානව වාදී මිනිසුන්ට අප්‍රසන්න දසුන් එක් කරමින් වන අතර ප්‍රතිමත දරන පුද්ගලයන්ට වෛරයක්ද එක් කරමිනි.

    එසේම මේ දේශපාලන විකුර්තිකරුවන් මෙතෙක් කල් කලේ ද තම හිතවතුන් සහ තමන්ගේ නායකයා පාර්ලිමේන්තුව වෙත යැවීමය. තමන්ගේ දේශපාලකයා චන්ඩියෙක්ද, හොරෙක්ද, දූෂිතයෙක්ද යන්න තෝරා ගෙන තම මනාපය සහ මහන්සිය මත දේශපාලනයේ ඔවුන් බලාපොරොත්තු වන ඉලක්කය වෙත තල්ලු කිරීම සිදු විය යුතු වුවත්, එවැන්නක් මේ සියලු පක්ෂවලට වන්දි භට්ටකම් කරන්නා වූ මිනිසුන්ට අවශ්‍ය නැත. ප්‍රජාතන්ත්‍රවාදී නිදහස අහිමි කරන ඔවුන් සත්‍ය නිසි ලෙස වටහා නොගැනීම හේතුවෙන් තම මනාපය තුලින්ම තම දේශපාලකයා ඉහලින් තබමින් ඔහුගේ හොර, මැරකම් සහ දූෂිත ක්‍රියාවලීන් දිගින් දිගටම කරගෙන යාමට සහාය දෙයි.

    පරිසරය විනාශ කරති. අරක්කු ඇතුළු විවිධ නීත්‍යානුකූල සහ නීතිවිරෝදී මත්පැන් වලට ඇබ්බැහි වෙමින් පැරණි වෙහෙර විහාර වල තිබෙන නිධන් වස්තු කොල්ල කමින් ඒවායෙහි විවිධ ඉදිකිරීම් කරමින් ඒවාද විනාශ කරමින් සිදු කරන දේශද්‍රෝහී ක්‍රියාකාරකම් වලට පිළිතුර ලෙස සොබා දහම මගින්ම ජනතාවට දුක සහ වේදනාව උරුම කර දී ම්ලේච්ඡත්වය උරුම කර දෙමින් සිටිති. බහුතර ජනතාව ආදරය කරන්නේද මේ කෲර , ම්ලේච්ඡ ස්වාභාවයටයි. කෲර , ම්ලේච්ඡ සහ අයුක්ති සහගත වාචික සහ සහ වාචික නොවන ක්‍රියාකාරකම් වලින් බැටකන මිනිසුන් නැගී සිටි විට ජනසමාජයේ පැවැත්මට බාධා ඇතිවන අතර කෲර , ම්ලේච්ඡ මිනිසුන්ගේ අවසානය ද සනිටුහන් වන අතර තවත් අවුරුදු ගණනාවකින් නැවතත් එහි අනික් පාර්ෂවය නැගී සිටී. පොලිස් නිලධාරීන්  සාමාන්‍ය ජනතාවගේ ප්‍රහාර වලට ලක් වන්න සේ රාජ්‍ය නිලදාරීන්, වෛද්‍යවරුන්, නීතීඥවරුන් මෙන්ම හාමුදුරුවන් වහන්සේලා ලෙස පෙනී සිටින අයටද සාමාන්‍ය ජනතාව පහර දෙනු ඇත. ඒ සියල්ල දෙස බලන විට අපට ශ්‍රී ලංකාවේ හෙට දවස ගැන දැඩි බියක් දැනේ. පාලක පන්තියට සහ අනෙකුත් රාජ්‍ය සේවකයන්ට එවැන්නක් නොතේරෙන්නේද ? එසේ නොමැතිනම් එම ගැටලුවලට සැලසුම් ක්‍රියාත්මක වන්නේද? යන්න අපට ගැටළු සහගතය.

    දේශපාලනය අවශ්‍ය නැති තැන් වලටද දේශපාලනය රිංගා ඇත. ගමේ ග්‍රාමීය   සමිතිය, කුලඟන සමිතිය, සමූපකාර සමිතිය පවා දේශපාලනීකරණය වී අවසන්ය. මේ දේශපාලන විකුර්තිභාවයට වගකිව යුත්තේ චන්ද දායකයාමය. අද ප්‍රජාතන්ත්‍රවිරෝදී ක්‍රියා කරන පුද්ගලයාට පිළිතුරු ලැබෙන්නේ තවත් අවුරුදු ගණනාවක් ගිය විටය. එවිට ඔවුන්ට තමන් අතීතයේ කල කී දෙයෙහි ප්‍රතිපලය ලැබෙන විට , එකල පවතින ආණ්ඩුවලට බැන බැන සිටින්නේ තමන්ට තමන්වත් හදුනා ගැනීමට නොහැකි ලෙස තමන්ගේ මනස විකුර්තිව තිබෙන නිසාය.

    එබැවින් ප්‍රගතිශීලී මිනිසුන්ට මේ දේශය බේරා  ගැනීමට කල යුතු දේවල් බොහෝ තිබේ. එහෙත් විකුර්ති දේශපාලන මුහුණුවරක් තිබෙන මෙරට බොහෝ ජනතාවට මේ කිසිවක් නොතේරීම නිසා මෙය පිරිසිදු දේශයක් කිරීම ලේසි පහසු කටයුත්තක් නොවනු ඇත. එහෙත් එය කෙසේ හෝ නොකළහොත් , හෙට දවසේ මෙරට මිනිසුන් මිය යන්නේ ම්ලේච්ඡත්වය නිසාය. මේ වන විට මනසින් ම්ලේච්ඡ වී සිටින බොහෝ දෙනා වැඩි කලක් නොගිහින්  ක්‍රියාවෙන්ද ම්ලේච්ඡ වනු ඇත. එවිට මිය යන්නේ ඔබේ හෝ මගේම හිතවතෙකු ආදරනීයෙකු විය හැකිය. එවිට ලෝකයා ශ්‍රී ලංකාවට ඇඟිල්ල දිගු කරනුයේ පකිස්තානය හෝ ඇෆ්ගනිස්තානයටත් එහා ගිය ම්ලේච්ඡ දේශයක් ලෙසිනි. ඔබ ඔබේ දේශපාලනය කරන්න. එහෙත් නීත්‍යානුකූල වන්න. සත්‍යවාදී වන්න. එසේ නොමැති වුවහොත් ඔබට ප්‍රතිපල ලැබෙන විට එය දරාගැනීමට හෝ ඔබව බේරා ගැනීමට කිසිවෙකුත් ඉදිරිපත් නොවනු ඇත. එලෙස බලන විට අප පක්ෂ සහ පාට වලින් බෙදී වෙන් වී ගොස්ය. අවසන එම පාට කන්නාඩි ගලවා, පක්ෂ ලකුණ පැත්තකින් එම සියලු ගොඩවල් වෙන් කර බලු විට එක්ෂත් ජාතික පක්ෂය , සමගි ජනබලවේගයේ ද , ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ද , පොදු ජන පෙරමුණේ ද, ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු සියලු පක්ෂවල සිටින්නේ ශ්‍රී ලාංකිකයන්ය. එසේ බැලු විට අවසානයේ අප සියලෝම කලකන්නියන් වී තිබේ. එබැවින් අපි ඔබ සියලු දෙනාම ම්ලේච්ඡත්වය ලෝකයෙන් තුරන් කිරීමට අත් වැල් බැදගමු.

    ශ්‍රී නිශ්ශංක මායාදුන්න.

    Tags: ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්න
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    විශේෂ පුවත්

    මධ්‍යම තැපැල් හුවමාරුවේ වර්ජනයක් .

    මාර්තු 10, 2024
    අධ්‍යාපන

    ගරිල්ලා මෙහෙයුමකින් විදුහල්පතිවරියක් පාසලක් අල්ලයි! JVP දිස්ත්‍රික් නායකයෙක් කළාප අධ්‍යාපන අධ්‍යක්ෂක කාර්යාල අඩස්සියට අරගෙන. දිඨිඨ ධම්මවේදනීය කර්මය පල දුන් හැටි!

    මාර්තු 1, 2024
    ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්න

    වතුකර ජනතාව හාන්සී. කඳුකරයේ මහජන නියෝජිතයො කොහෙද?

    පෙබරවාරි 29, 2024
    රාජ්‍ය පරිපාලන

    ප්‍රාදේශීය ලේකම්ගෙන් “රාවණාට අභියෝගයක්!”. මෙන්න පිළිතුරු!

    පෙබරවාරි 28, 2024
    ආරක්ෂක අංශ

    පොලිස්පති ලෙස දේශබන්දු පත්කිරීමෙන් මිනිසුන්ගේ බිය වැඩි වෙලා! පරණ කෙරුම් නැවත මතක් කරයි!

    පෙබරවාරි 27, 2024
    දේශපාලන කතා

    රට වැනසූ රාජපක්ෂලා සමග ගණුදෙනු නෑ! රට විනාශ කල සියල්ලෝම හොයා දඩුවම් දෙනවා!

    පෙබරවාරි 26, 2024
    දේශපාලන විද්‍යාව

    රවීගෙනුත් මහ බැංකුවට චෝදනාවක්. ඔටුවො වගේ ඉදලා හරියන්නෙ නෑ

    පෙබරවාරි 25, 2024
    දේශපාලන කතා

    රනිල් දුෂිතයෙක් නෙවෙයි! සජිත් කියයි!

    පෙබරවාරි 25, 2024
    ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්න

    රටට හිතැති, මහනුවර ඔබ වෙනුවෙන්. අනිවාර්යයෙන්ම එන්න.

    පෙබරවාරි 25, 2024
    ආරක්ෂක අංශ

    පොලිසිය මාධ්‍යවේදයට නීතිවිරෝදීව අත තියයි!. මාධ්‍ය යනු මහජන ආරක්ෂාවේ මුදුන් මල්කඩයි!. අධිකරණය නොමග යැව්වාද?

    පෙබරවාරි 25, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version