අභ්‍යාවකාශයේ කැඩපතක් ලෙස හැඳින්විය හැකි ඉතා දීප්තිමත් ග්‍රහලෝකයක් සොයාගැනීමට තාරකා විද්‍යාඥයින් සමත්වී ඇති බව වාර්තා වේ.
පෘථිවියේ සිට ආලෝක වර්ෂ 264ක් පමණ ඈතින් ක්ෂීර පථයේ පිහිටි, නෙප්චුන් ග්‍රහලෝකය තරම් විශාල පැය 19කට වරක් තම සුර්යයා වටා පරිභ්‍රමණය වන මෙම ග්‍රහලෝකයේ විශේෂත්වය වන්නේ, ඒ මත පතිතවන හිරු රැස්වලින් 80%ක්ම පරාවර්තනය කිරීමයි.
දැනට අප දන්නා රාත්‍රී අහසේ දීප්තිමත්ම ග්‍රහලෝකය වන සිකුරු එලෙස සුර්යාලෝකයෙන් 75%ක් පරාවර්ථනය කරන අතර අපේ පෘථිවිය එලෙස පරාවර්තනය කරන්නේ ඒ මත පතිතවන හිරු එළියෙන් 30%ක් පමණයි.
මෙම නව ග්‍රහලෝකය විශාල වශයෙන් ආලෝකය පරාවර්තනය කිරීමට හේතු වී ඇත්තේ එය වටා ඇති ටයිටේනියම් සහ සිලිකේට වලින් තැනුනු ලෝහමය වලාවන් නිසා බවට විද්‍යාඥයන්ගේ මතය වී තිබේ.














































