English
සිංහල
02:25 අඟහරුවාදා, ජූලි 29, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    කැළණියේ කොල්ලෝ, කෙල්ලෝ හැංගිලා – සෑම සරසවියකටම කෘත්‍රිම බුද්ධිය පාඨමාලා

    Ravana by Ravana
    1 වසරක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp


    අධ්‍යාපනයේ ස්වර්ණමය යුගයක් වෙනුවෙන් ජනපති රනිල් කැප වුණා – ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජ්‍ය මැදවච්චියේ ධම්මජෝති හිමි

    ඕනෑම අයකුට විශ්වවිද්‍යාලයකට ඇතුළු වීමට හැකියාව තිබිය යුතුයි – මහාචාර්ය පූජ්‍ය රළුවේ පද්මසිරි හිමි

    විදේශ ශිෂ්‍යයන්ට නේවාසිකාගාරයක් ලබාදීම අගය කරනවා – ශාස්ත්‍රපති පූජ්‍ය පස්සරමුල්ලේ දයාවංශ හිමි

    තාක්ෂණ යුගයට අවශ්‍ය පරිදි ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ශක්තිමත් කිරීම සඳහා සෑම විශ්වවිද්‍යාලයකම කෘත්‍රිම බුද්ධිය පිළිබඳ පාඨමාලා ආරම්භ කිරීමට පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. අපේ ආගමික දියුණුව සහ බෞද්ධාගමික ප්‍රචාරක කටයුතු සඳහා මෙම තාක්ෂණය භාවිතයට ගත යුතු බව අවධාරණය කළ ජනාධිපතිවරයා දැනුම්වත් සහ ශිෂ්ටසම්පන්න සමාජයක් තුළින් රටක ආර්ථිකය ගොඩනැඟිය හැකි බව සඳහන් කළේය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනයේ නව ගොඩනැඟිලි සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (31) පෙරවරුවේ එක් වෙමිනි.

    ජීවිත අරගලය ජයගැනීම සඳහා බුදුන් වහන්සේ දේශනා කළ ධර්මය ඉතාම වැදගත් වන අතර, එම ධර්මය වඩා ගැඹුරින් අධ්‍යයනය කර ලෝකයට ගෙනයාම සඳහා ථේරවාදි බුදු දහමේ කේන්ද්‍රස්ථානය වන ශ්‍රී ලංකාවට මහඟු වගකීමක් පැවරී තිබෙන බව ද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

    ථේරවාදි බුදු දහම පිළිබඳ පර්යේෂණ ආයතනයක් ස්ථාපිත කිරීමට ඉදිරියේදී කටයුතු කරන බවත්, ථේරවාදි බුදු දහම ලෝකයට ගෙනයාමට මෙන්ම බෞද්ධ රටවල් අතර සබඳතා ශක්තිමත් කර ගැනීමට මෙවැනි බෞද්ධ ආයතනවලට විශාල හැකියාවක් තිබෙන බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

    තාක්ෂණ යුගයට අවශ්‍ය පරිදි ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ශක්තිමත් කිරීමට සැලසුම් කර ඇති බව ද පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, සෑම විශ්වවිද්‍යාලයකම කෘතිම බුද්ධිය පිළිබඳ පාඨමාලා ආරම්භ කිරීමට පියවර ගන්නා බව ද සඳහන් කළේය.

    එසේම පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනයේ සිසුන්ගේ කැමැත්ත අනුව එහි ශිෂ්‍ය නේවාසිකාගාරයක් ඉදිකිරීමට අවශ්‍ය ඉඩම සහ රාජ්‍ය අනුග්‍රහය ලබාදීමට සූදානම් බව ද ජනාධිපතිවරයා මෙහිදී පැවැසීය.

    නව ගොඩනැඟිලි සංකීර්ණය ඉදිකිරීම සඳහා ආධාර ලබාදුන් විදේශීය පරිත්‍යාගශීලීන්ට සමරු තිළිණ ප්‍රදානය කිරීම ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදු කෙරිණි.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද පැවැසීය.

    2019 වසරේදී මෙම ගොඩනැඟිල්ල ඉදිකිරීම සඳහා මුල්ගල තැබීමට එවකට අගමැතිවරයා ලෙස මා පැමිණියා. අද මෙම ගොඩනැඟිල්ල විවෘත කිරීම සඳහා ජනාධිපතිවරයා ලෙස පැමිණ තිබෙනවා. කොරෝනා වසංගතය නිසා මෙම ගොඩනැඟිල්ලෙහි ඉදිකිරීම් කටයුතු ප්‍රමාද වුණා. විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ ආයතනය ආරම්භ කිරීමට පූජ්‍ය හැවැන්පොළ රතනසාර ස්වාමීන් වහන්සේ සිදු කළ මෙහෙය ඉතා විශිෂ්ටයි. ඒ වගේම කොටපිටියේ රාහුල අනුනායක ස්වාමීන් වහන්සේ මෙම ගොඩනැඟිල්ල ඉදිකිරීම සඳහා විශාල කැපවීමක් සිදු කළා.

    ජීවිත අරගලය ජයගැනීම සඳහා බුදුන් වහන්සේ දේශනා කළ ධර්මය ඉතාම වැදගත් වෙනවා. එම ධර්මය මීට වඩා ගැඹුරින් අධ්‍යයනය කර ලෝකවාසී ජනතාවට ලබාදීම සඳහා මෙම ආයතනයට විශාල වැඩ කොටසක් සිදු කළ හැකියි. මෙම ආයතනය පිහිටුවා වසර පනහකට ආසන්න කාලයක් ගත වෙනවා.

    ථේරවාදි බුදු දහම පිළිබඳ බෞද්ධ රටවල්වල පමණක් නොව අනෙක් රටවලට ද අවබෝධය ලබාදීම සඳහා සිදු කළ හැකි කාර්යභාරයක් තිබෙනවා. ඒ වගේම ථේරවාදි රටවල් අතර සබඳතා ශක්තිමත් කර ගැනීමටත් මෙම ආයතන හරහා හැකියාව තිබෙනවා.

    මහා විහාර කැණීම් මේ වන විට ආරම්භ කර තිබෙනවා. ලුම්බිණියේ කැණීම් කටයුතු සිදු කළ මායාදේවී කැණීම් කණ්ඩායම විසින් එම කටයුතු සිදු කරමින් සිටිනවා. ඒ වගේම බුදු දහම තවත් ගැඹුරින් අධ්‍යයනය කිරීමට පර්යේෂණ ආයතනයක් ස්ථාපිත කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ පිළිබඳ වාර්තාවක් මෙම වසර අවසානයට පෙර ලබා ගැනීමට කටයුතු කරනවා.

    රජයක් හැටියට ථේරවාදි බුදු දහම ලෝකයට ගෙනයාම සඳහා සහාය ලබාදීමට කටයුතු කරනවා. මෙම ආයතනය මඟින් ජාත්‍යන්තර බෞද්ධ රටවල් අතර සබඳතා ඇතිවීම සිදු වෙනවා. ඒ වගේම තායිලන්ත අගමැතිවරයා සමඟ ඉදිරි දින කිහිපය තුළ අත්සන් තැබීමට නියමිත නිදහස් වෙළඳ ගිවිසුම මඟින් බෞද්ධ රටවල් දෙකක් වන ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර සබඳතා පුළුල් කර ගැනීමට බලාපොරොත්තු වෙනවා.

    තාක්ෂණික යුගය එක තැන නතර වී තිබෙන්නේ නැහැ. අද තාක්ෂණය විශාල වශයෙන් දියුණු වී තිබෙනවා. අද අපි ස්වයංක්‍රීය යන්ත්‍ර දකිනවා. කෘතීම බුද්ධිය සමඟ ඒවා ක්‍රියාත්මක වෙනවා. මේ දියුණුවේ කෙළවර කුමක් ද කියා අප අවධානය යොමු කළ යුතුයි. මේ පිළිබඳ අද බටහිර රටවල විශාල ලෙස විවාද සිදු වෙනවා. එසේ නම් අපේ ආගමික දියුණුව සහ බෞද්ධාගමික ප්‍රචාරක කටයුතු සඳහා මෙම තාක්ෂණය භාවිතයට ගත යුතුයි. ඒ නිසා අධ්‍යාපන ඇමැතිවරයා සමඟ සාකච්ඡා කර සෑම විශ්වවිද්‍යාලයකම කෘතිම බුද්ධිය පිළිබඳ පාඨමාලාවක් ආරම්භ කිරීමට ඉදිරියේදී කටයුතු කරනවා. එම තාක්ෂණ යුගයට අවශ්‍ය පරිදි මෙරට අධ්‍යාපන ක්‍රමය ශක්තිමත් කිරීමට ඒ අනුව අප බලාපොරොත්තු වෙනවා. දැනුම්වත් සහ ශිෂ්ටසම්පන්න සමාජයක් තුළින් රටේ ආර්ථිකය ශක්තිමත් කළ හැකියි.

    දැන් අප සිටින තාක්ෂණික යුගය මෙතෙක් නොතිබූ යුගයක්. පරමාණු බෝම්බය නිපදවූවාට පසුව අප සිතුවේ ඒ තාක්ෂණය එතනින් අවසන් කියලයි. මෙම නවීන තාක්ෂණය පාලනය නොකළහොත් එය පරමාණු බෝම්බයට වඩා භයානක වෙනවා. ඒ පිළිබඳත් අපේ අවධානය යොමු කළ යුතුයි කියා මම ප්‍රකාශ කරනවා.

    කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජ්‍ය මැදවච්චියේ ධම්මජෝති හිමි

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එවකට අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස විද්‍යා පීඨ ආරම්භ කරමින් අධ්‍යාපනය සඳහා විශාල මෙහෙයක් සිදු කළා. ඒ වගේම එතුමාගේ ආර්ථික දැක්ම අනුව විදේශ මුදල් මෙරටට ගලා ඒම වෙනුවෙන් ගෙන යන වැඩපිළිවෙළ අගය කළ යුතුයි. මෙම පශ්චාත් උපාධි ආයතනය මඟින් විදේශ මුදල් ලංකාවට ගෙන ඒමේ වැඩපිළිවෙළ තවත් ශක්තිමත් වනු ඇති. දැනටමත් මෙම ආයතනය තුළ විශාල විදේශීය සිසුන් ප්‍රමාණයක් අධ්‍යාපනය ලබමින් සිටිනවා. අද මෙම අධ්‍යාපන ආයතනය තුළ ස්වර්ණම අවස්ථාවක් විවෘත වී තිබෙනවා.

    බෞද්ධ සංස්කෘතික අංශයේ පීඨාධිපති මහාචාර්ය පූජ්‍ය මිරිස්වත්තේ විමලඥාන හිමි,

    පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනය යනු මෙරට විශිෂ්ට අධ්‍යාපන ආයතනයක්. අද ඉතාම වැදගත් දවසක්. ඒ වගේම අප ඉතාමත් සතුටු වෙන දවසක්. එමෙන්ම අද දවස මේ ආයතනයේ වැදගත්ම දිනය ලෙස සඳහන් කළ හැකියි. වසර 49කට ආසන්න කාලයක් මේ ආයතනය ලංකාවේ විවිධ ප්‍රදේශවල පවත්වාගෙන ගියා. අද තමයි පළමු වතාවට රාජ්‍ය අනුග්‍රහය ඇතිව විදේශ ධානපතියන්ගේ උදව් ඇතිව අපේම ආයතනයක් හිමි වුණේ. මෙම ආයතනය වැඩිම විදේශීය සිසුන් පිරිසක් අධ්‍යාපනය ලබන සහ වැඩිම විදේශ ආදායමක් අධ්‍යාපනයෙන් උපයන, ඒ වගේම අනාගතයේදී විශාල ආදායමක් ඉපැයිය හැකි ආයතනයක්. මෙම කාර්යය සඳහා අපට රජයෙන් ලැබුණු සහය විශේෂයෙන් ජනාධිපතිතුමාගෙන් ලැබුණු සහායට අප ස්තූතිවන්ත වෙනවා.

    බෞද්ධ චින්තනය පිළිබඳ අධ්‍යයනාංශයේ මහාචාර්ය පූජ්‍ය රළුවේ පද්මසිරි හිමි

    මෙම ආයතනය ආරම්භ වී වසර 49ක් වෙනවා. පාලි හා බෞද්ධ පශ්චාත් උපාධි සඳහා රජයේ තිබෙන එකම ආයතනය මෙයයි. ශ්‍රී ලංකා රජයේ ආධාර සහ විදේශ ආධාර සහිතව මෙම ආයතනයට සිව්මහල් ගොඩනැඟිල්ලක් ලැබී තිබෙනවා. රටේ ජනාධිපතිවරයා මෙම ගොඩනැඟිල්ල විවෘත කිරීමට පැමිණීම පිළිබඳ අපේ ආශීර්වාදය පිරිනමනවා. රටේ නායකයාට හෝ ඕනෑම දේශපාලනඥයෙකුට විශ්වවිද්‍යාලයකට ඇතුළත් වීමට හැකියාව තිබිය යුතුයි. විශ්වවිද්‍යාල කියන්නේ මුදා නොගත් ප්‍රදේශ නොවෙයි. බෞද්ධ හා පාලි පශ්චාත් උපාධි ආයතනය ඕනෑම කෙනෙකුට විවෘතයි. මේ ආයතනයට පක්ෂයක් නැහැ. ධර්මයටත් පාට පක්ෂ නැහැ. ධර්මය ගැන ලංකාවට මෙන්ම ජාත්‍යන්තරයට ද හොඳ අවබෝධයක් ලබාදීමට මෙම ආයතනය මඟින් හැකියාව තිබෙනවා.

    හොංකොං හී සම්මානිත මහාචාර්ය පූජ්‍ය කේ.එල්. ධම්මජෝති හිමි,

    මා මෙම ආයතනයෙන් අධ්‍යාපනය ලැබුවා. එදා අප අධ්‍යාපනය ලැබූ කාලයට වඩා විශාල සංවර්ධනයක් දැන් මෙම ආයතනයේ සිදුව තිබෙනවා. එදා අපට අධ්‍යාපන කටයුතුවල නිරත වීමට සිදු වූයේ ස්ථාන කිහිපයක සිටයි. නමුත් අද එකම ස්ථානයක සිට සියලු අධ්‍යාපන කටයුතු සිදු කිරීමටත්, බුදු දහම බෙදා හැරීමටත් හැකි පහසුකම් ලැබී තිබෙනවා. මෙහි සිටින සියලු ආචාර්ය මහාචාර්යවරුන්ගේ කැපවීම මත පාලි හා බෞද්ධ පශ්චාත් උපාධි ආයතනය සංවර්ධනයක් වී තිබෙන අතර, එය බෞද්ධ අධ්‍යාපනය ජාත්‍යන්තර තලයට ඔසවා තැබීමට මහත් පිටිවලක් වෙනවා.

    පාලි හා බෞද්ධ පශ්චාත් උපාධි ආයතනයේ ශිෂ්‍ය ශාස්ත්‍රපති පූජ්‍ය පස්සරමුල්ලේ දයාවංශ හිමි,

    අද විවෘත වුණු පාලි හා බෞද්ධ පශ්චාත් උපාධි ආයතනයේ ගොඩනැඟිල්ල අනාගතයේ බෞද්ධ අධ්‍යාපනය ජාත්‍යන්තර තලයට ගෙන යාමට මහඟු පිටිවහලක් වෙනවා. දෙස් විදෙස් විද්‍යාර්ථයින්ට මෙමඟින් අධ්‍යාපනය ලබා ගැනීමට හැකියාව තිබෙනවා. ජනාධිපතිවරයා අද දවසේ පොරොන්දු වූ පරිදි විදේශ ශිෂ්‍යන්ට නේවාසිකාගාරයක් ඉදිකිරීම සිදු කළ හොත් එය ථේරවාදි බුදු දහමේ අධ්‍යාපන මූලස්ථානයක් බවට ශ්‍රී ලංකාව පත් කිරීමට ඉවහල් වන බව කිව යුතුයි.

    විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා,

    අද මෙම විවෘත කිරීම ජාතියේ සුවිශේෂ සටහනක් බව කිවයුතුයි. මෙරට රාජ්‍ය විශ්වවිද්‍යාල 17ක් තිබෙනවා. විශාල විදේශ ආයෝජනයක් සමඟ දැවැන්ත කණ්ඩායමකගේ කැපවීමෙන් මම ගොඩනැගිලි සංකීර්ණය විවෘත කෙරුණා. මෙය අපේ රටටත්, ශාසනයටත්, ලෝකයටත් වැදගත් අවස්ථාවක් ලෙස මම සලකනවා. ථේරවාදි බුදු දහමේ ඉගැන්වීම් මේ හරහා ලෝකයට ගෙන යාමට අප අපේක්ෂා කරනවා.

    පසුගිය දිනවල කැළණිය විශ්වවිද්‍යාලය ආශ්‍රිතව නොසන්සුන් තත්ත්වයක් තිබුණ ද අද එය අතිශය සාමකාමියි. අද ඉතා හොඳින් මේ කටයුත්ත සිදු වුණා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාත් ජාතික විශ්වවිද්‍යාලයකින් බිහිවූ අපේ විද්‍යාර්ථයෙක්. ඒ නිසාම ඉතා පහසුවෙන් කටයුතු සිදු කරමින් මේ පණිවිඩය ලෝකයට රැගෙන යාමට උදව් කිරීම පිළිබඳ මම කැළණිය විශ්වවිද්‍යාලයටත්, එහි සිසුන්ටත් ස්තූතිවන්ත වෙනවා.

    පාලි හා බෞද්ධ පශ්චාත් උපාධි ආයතනයේ මහාචාර්ය වසන්ත ප්‍රියදර්ශන මහතා,

    රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයාව සිටින සමයේ මුල්ගල තැබූ පශ්චාත් උපාධි ආයතන ගොඩනැඟිලි පරිශ්‍රය ජනාධිපතිවරයා ලෙස එතුමාට විවෘත කිරීමට හැකි වීම පිළිබඳ අප සතුටට පත්වනවා. මෙම ආයතනය ථේරවාද බුදු දහම ජාත්‍යන්තර තලයට ගෙනයාම සඳහා විශාල වැඩ කොටසක් සිදු කරනවා. ඒ වගේම මෙරටට විශාල වත්කමක් ලබාදීමත් මෙම ආයතනය මඟින් සිදු වෙනවා. මෙම පශ්චාත් උපාධි ආයතනය ලෝකයේ සියලු දෙනාටම විවෘත වී තිබෙන ස්ථානයක්. ථේරවාදී කේන්ද්‍රස්ථානයක් ලෙස දහම් පණිවිඩය ලෝකයට ගෙන යාමට මෙමඟින් හැකියාව තිබෙනවා.

    ජ්‍යෙෂ්ඨ සහකාර ලේඛකාධිකාරී එල්.ඒ. සුමිත් මහතා,

    පාලි හා බෞද්ධ පශ්චාත් උපාධි ආයතනය වසර 49කට ආසන්න කාලයක් දෙස්, විදෙස් භික්ෂුන් වහන්සේලාට සහ ගිහි පිරිස වෙත අධ්‍යාපනය ලබාදෙන ආයතනයක්. ලෝකයේ ඇති බොහෝ ගැටලුවලට විසඳුම් ලබාදීමට බුදු දහමින් ලබාගත හැකි අභාෂයන් බොහෝයි. ඒ සඳහා පුළුල් අවස්ථාවක් මෙම ආයතනය තුළ තිබෙනවා. මෙම වැදගත්කම පිළිබඳ අවබෝධයෙන් යුතුව රටේ රාජ්‍ය නායකයා ලෙස ජනාධිපතිවරයා මෙහි පැමිණ ස්වාධීන ආයතනයක් වූ මෙම ආයතනයේ උන්නතිය වෙනුවෙන් දායකත්වය ලබා දී අපව ධෛර්යමත් කිරීම පිළිබඳ ස්තූතිවන්ත වෙනවා. දැනුම් සම්භාරයක් ඇති නායකයකු ලෙස රටේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් එතුමා කැපවී කටයුතු කරනවා. අප දන්න කාලයේ සිටම එතුමා ඒ සඳහා කටයුතු කරනවා. අපි ඇත්තටම බය වුණා එතුමා අද මෙම අවස්ථාවට සහභාගී නෙවෙයි කියලා. නමුත් මෙහි පැමිණ අපව දිරිමත් කිරීම පිළිබඳ එතුමාට ස්තූතිවන්ත වෙනවා.

    කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී මහා සංඝ සභාවේ අනුනායක, මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය ද අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත, උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන්, කැලණිය විශ්වවිද්‍යාලයේ උප කුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිලන්ති ද සිල්වා යන මහත්ම මහත්මීන් ඇතුළු ආචාර්ය මහාචාර්යවරුන් ද මියන්මාර් තානාපති හන්තු මහතා ඇතුළු ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    ශිරෝමි අබයසිංහ (දිණමින)

    Tags: ප්‍රජා පුවත්
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    Uncategorized

    බස් රථ අනතුරකින් අයෙක් මරුට.

    මාර්තු 17, 2024
    Uncategorized

    පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් .

    මාර්තු 16, 2024
    Uncategorized

    අලුතින් ග්‍රාම නිලධාරීන් 2002ක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    පොලිස්පති පත් කිරීමට එරෙහිව FR පෙත්සමක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    දුම්රිය ආසන වෙන් කිරීමේ ගැටලුවක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    බොන්න වතුර නැත්තන් 117ට කියන්න.

    මාර්තු 15, 2024
    Uncategorized

    විද්‍යා පීඨවලට ඇතුළත් වීමට අයදුම්පත් කැදවයි .

    මාර්තු 15, 2024
    Uncategorized

    කෙහෙළියගෙන් මහාධිකරණයට ඇප අයදුම්පතක්.

    මාර්තු 15, 2024
    Uncategorized

    දෙදරා ගිය අනියම් පෙම – දරුවන් දෙදෙනෙකු අනාථ වෙයි.

    මාර්තු 15, 2024
    Uncategorized

    19 වනදා සිට යළිත් සෞඛ්‍ය වර්ජනයක් .

    මාර්තු 15, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version