ඊයේ (11) රාත්‍රී 9 ට පමණ පොලිස් හදිසි ඇමතුම් ඒකකයට ලැබුණු තොරතුරක් මත ඇලකන්ද මාර්ගයේ උස්වැටකෙයියාව කට්ටියවල ප්‍රදේශයේ දමා ගොස් තිබූ මාස 3 ක් පමණ වන බිළිදියක් සොයා ගත් බව වාර්තා වේ.
පොලිස් ළමා හා කාන්තා කාර්‍යාංශය මගින් බිළිදිය රාගම රෝහලට ඇතුළත් කර ඇති අතර ඇය මේ වන විට එම රෝහලේ දෙවන වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටින බව සදහන්.
මෙලෙස මහ මග දමා ගියේ කවුරුන්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතර බිළිදියගේ මව්පියන් සොයා පමුණුගම පොලීසිය විසින් විමර්ශන කරටයුතු ආරම්භ කර ඇති බව වාර්තා වේ.