ඊයේ(21) කිලිනොච්චිය , ධර්මපුරම් , මයිල්වානාකම් ප්‍රදේශයෙන් කිලෝ ග්‍රෑම් 500 කට වඩා අධික විශාල ජීව මෝටාර් බෝම්බයක් සොයා ගත් බව වාර්තා වේ.
මෙම මෝටාර් බෝම්බය ගුවන් යානාවලින් බිම හෙලන මෝටාර් බෝම්බයක් වන අතර දර කැපීමට ගිය පුද්ගලයෙකු විසින් මෙම මෝටාර් බෝම්බය දැක තිබේ.අනතුරුව ධර්මපුරම් පොලිසියට සිදු කළ දැනුම්දීමකට අනුව පොලිසිය විසින් එම මෝටාර් බෝම්බය ගොඩ ගෙන තිබේ.මෙම බෝම්බයේ කොටස් දිරාපත් වී ඇති බව පොලිසිය සදහන් කර තිබේ.එමෙන්ම අධිකරණ නියෝගයකට අනුව ධර්මපුරම් පොලිසිය විසින් පුපුරුවා හැරීමට කටයුතු කළ බව සදහන්.