English
සිංහල
10:19 බදාදා, සැප්තැම්බර් 24, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    කුඩු ඇල්ලු ඇඹිලිපිටියේ OIC ට “පොලිසියේ කුඩු ලොක්කෝ කොකා පෙන්නලා”. සති දෙකක් යන්නටත් පෙර උතුරේ සාමාන්‍ය රාජකාරී ලෙස ස්ථානමාරු කරලා.

    Sri Ravana by Sri Ravana
    වසර 3ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    සම්මාන සහ උපහාර දැක්වීම් ඇතුළත් ගෞරවය, සියලුම හමුදා නිලධාරීන් මෙන්ම පොලිස් ඇතුළු සමස්ත රාජ්‍ය සේවකයන්ම අගය කරන දෙයක් වන අතර එය සාක්ෂාත් කර ගැනීමට උත්සාහ කළ යුතු අතර, සුදුසු පුද්ගලයින්ට එය ලබා ගැනීම සහතික කිරීම සඳහා ද  ඵලදායී පිළිගත හැකි ක්‍රමයන් අවශ්‍ය වේ.

    ලිඛිත ලේඛන හරහා ප්‍රශංසා ලිපි මගින්ද ඔවුන් දිරිමත් කිරීම ලොව පුරා ආරක්ෂක අංශ අතර සිදුකරන ක්‍රමයක් වන අතර, විශේෂයෙන්ම එය සංවර්ධිත රටවල සාමාන්‍ය සිරිතකි. උදාහරණයක් වශයෙන්, එක්සත් ජනපදයේ හමුදා නිලයන් සහ ලිපිගොනු සඳහා චර්යාධර්ම සංග්‍රහයන් මෙන්ම හමුදා ඇකඩමි සඳහා සවිස්තරාත්මක ගෞරව සංඛේතවත් කර තිබේ.

    චීන හමුදාව ද සිය වසර 87 ක ඉතිහාසය පුරාවට සම්මාන සහ දිරිමත් කිරීම් ක්‍රමයක් ස්ථාපිත කර ඇති අතර, හමුදා විරුවන්ට මිල කල නොහැකි තරම් පදක්කම් ප්‍රදානය කර ඇත. කෙසේ වෙතත්, පසුගිය වසර කිහිපය තුළ, චීනයේ සමහර දූෂිත ආරක්ෂක අංශ නිලධාරීන් හිතුමතේ නීති රීති හසුරුවා ඇති අතර, බොහෝ ආරක්ෂක අංශ නිලධාරීන්ට සම්මාන ලබා දීම් දැක්වීම් සහ ත්‍යාග ක්‍රමය කෙරෙහි විශ්වාසය නැති කර ගැනීමට කටයුතු කර තිබේ.

    චීනයේ මහජන විමුක්ති හමුදාවේ බිඳවැටීම් පිලිබදව පරීක්ෂණයක් සිදුකරන නැන්ජින් ජාත්‍යන්තර සම්බන්ධතා විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරුන් සදහන් කරන්නේ චීන හමුදවට විනාශයක් නොවන පරිදි දූෂිත නිලධාරීන් ඇතිකර තිබෙන ක්‍රම නිවැරදි කල යුතු බවයි. ඔවුන් පෙන්වා දෙන්නේ දූෂිත නිලධාරීන්ගේ නීති නැමීමේ ක්‍රමවලට තිත තැබීම සදහා නව රේගුලාශි සකස්කර යුතු බවයි. 2014 එම විශ්වවිද්‍යාලයේ නිර්දේශ වලට අනුව චීන මහජන විමුක්ති හමුදාවට නව නීති රීති සකස් කර තිබෙන බව  Yongxing and Cui Jianshu (China Daily) විසින් වාර්තා කර තිබුණි.

    ඒ චීනයේ සහ ලෝකයේ ආරක්ෂක හමුදා මෙන්ම පොලිස් දෙපාර්තමේන්තු ආරක්ෂා කිරීම සඳහා ගෙන තිබෙන ක්‍රියාමාර්ගයි. ලෝකයේ බොහෝ රටවල් එහෙම උනත් මේ ශ්‍රී ලංකාවේ සියල්ලම 70% ක් පමණ දූෂණය වෙලා නම් කෙසේ රටක් ඉදිරයට යන්නද?. මේ කතාව ශ්‍රී ලංකාවේ පොලිසියෙන් ඇසෙන තවත් කතාවක්.  

    “සබරගමුව පළාතේ වැඩිම හෙරොයින් මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් එක් වර අත්අඩංගුවට ගත් ඇඹිලිපිටිය පොලිස් ස්ථානාධිපතිට මුලතිව් පොලිස් කොට්ඨාසයේ සාමාන්‍ය රාජකාරි සඳහා හදිසි ස්ථාන මාරුවක් ලැබී තිබේ. එයට හේතුව කුමක්ද? ප්‍රහේලිකාවකි. නමුත් අප මීට පෙර විශේෂ කාර්ය බලකායේ සිද්ධි මාලාවක් වාර්තා කර තිබේ. එහි එක් ස්ථානයක මේ පිලිබදව අප වාර්තා කර තිබෙන්නේ කුඩු පිලිබදව ඔත්තුව දුන් පුද්ගලයා බවට සැකකරන පුද්ගලයෙකු මාධ්‍යවේදීන් ගනනාවකට ලබා දී තිබෙන හඩ පටයක්ද සමගිනි. (එය පහලින් අහන්න)

    ස්ථානමාරුව ලැබෙන්නේ කුඩු ජාවාරම්කරුවන්ගේ උපක්‍රමයක් ලෙසද?. එසේත් නැතිනම් කුඩු ජාවාරම්කරුවන්ගෙන් යැපෙන උසස් පොලිස් නිලධාරීන්ගේ ගැටයක්ද?. හඬ පටයට අනුව කුඩු කිලෝ එකක් ස්ථානාධිපති ගත් බවට බලහත්කාරයෙන් වීඩියෝවක් ගෙන තිබෙන්නේ විශේෂ කාර්ය බලකාය වේ. කුඩු ඇල්ලීමත් සමගම විශේෂ කාර්ය බලකායට “ ඔත්තුකරු” අවශ්‍ය වන්නේ ඇයි?. එම ඇල්ලු කුඩු වලින් කුඩු කිලෝ එකක් හෝ අදාළ පොලිස් ස්ථානාධිපති විසින් අර ගත්තේ නම් එය ඇල්ලීමට තිබුණු ක්‍රමය මෙය නොවේ. නමුත් අපට වාර්තාවන ආකාරයට රත්නපුර දිසාව භාර එක්තරා පොලිස් අධිකාරිවරයෙකුද මෙම කුඩු කිලෝ 38 කට අධික ප්‍රමානය අධිකරණයට ඉදිරිපත්කිරීමට වැලැක්වීම සදහා විවිධ කටයුතු සිදුකර තිබේ. ඇඹිලිපිටිය පොලිසියට අල්ලපු වැටේ මෙවැනි කුඩු ගබඩාවක් පවත්වාගෙන යාමට නම් උසස් පොලිස් නිලධාරීන්ගේ උදව් උපකාර අත්‍යාවශ්‍යම වේ. එසේ නම් අදාල පොලිස් අධිකාරිවරයා සමග තවත් උසස් නිලධාරීන් ගනනාවක්ම මෙම කුඩු ජාවාරමේ කොටස් කරුවන් විය හැකිය.

    එම ස්ථානාධිපති කුඩු කිලෝ කිහිපයක් හෝ පැන්නුවේ නම් එය වැරදි නමුත් විශේෂ කාර්ය බලකායේ සමහර නිලධාරීන් එදින උදෑසන සිටම නාඩගමක් නටන්නේ එළිපිට බවට සාක්ෂි සහිතවම අප සොයාගෙන තිබේ. නමුත් ඒ සියල්ලම පළකිරීමෙන් වැලකි සිටින්නේ විශේෂ කාර්ය බලකායේ දූෂිත නිලධාරීන් නිසා එම වටිනා ආයතනය විනාශ කිරීමට ඉඩ නොදිය යුතු බැවිනි.

    අප කිසිදු විටක පක්ෂපාතී නොවී සිදුවීම් දෙස බලන මාධ්‍ය කරුවන් ලෙස මෙහි සිදුවන ක්‍රියාදාමයන් අන්ත දූෂිත පාතාලයේ ක්‍රියාවකි. එයට ආරක්ෂක අංශ උපකාර කරන බවද පැහැදිලිය. මේ සිදුවීමත් සමගම වැඩ කුඩු ජාවාරම්කරුවන්ගේ ඥාතීන් පවා විශේෂ කාර්ය බලකායේ මත්ද්‍රවය වැටලීම්වල මෙන්ම සංවිධානාත්මක අපරාධ වැටලීම් ඒකකයන්හි සිටී. සමහර නිලධාරීන්ගේ “B” වාර්තා පවා අප ලබාගෙන තිබේ. එවැනි දූෂිත මෙන්ම වැඩ තහනම් කෝටිපති නිලධාරීන්ගේ පසු විපරම් දෙස බැලීමේදී ඔවුන් සාමාන්‍ය නිලධාරීන් ලෙස සිටි අයයි.

    පොලිසියේ උසස් යයි කියාගන්නා නිලධාරීන් “කසාය බිව් ගොලුවන් සේ” හැසිරෙන්නේ ඔවුන් සහ මත්ද්‍රවය ජාවාරම්කරුවන් සමග තිබෙන මනා බන්ධනය නිසාය. පොලිසියේ නාකොටික් මත් ජාවාරමේදී  එම අංශයේ නිලධාරීන් රැසක් අත්අඩංගුවට ගෙන තිබුනි.  එලෙස ඇඹිලිපිටිය පොලීසියේද වැටලීමට සම්බන්ධ වූවන් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කළ හැකිය. එවිට සත්‍ය අනාවරණය වනු ලැබේ. නමුත් දැන් ඒ සියල්ලටම ඉහලින් සාක්ෂි සැකසී තිබෙන්නේ ඇඹිලිපිටිය හිටපු පොලිස් ස්තානාධිපතිගේ ආරක්ෂාවටය. ඇඹිලිපිටිය පොලිස් ස්ථානාධිපතිගේ ආරක්ෂව තහවුරු වන්නේ කුඩු කිලෝ 38 කට වැඩි ප්‍රමාණයක් සදහා ඔත්තුව ලබා දුන්නා යයි පවසන පුද්ගලයාගේ පැමිණිල්ලත් සමගය. එම ස්ථානාධිපති සතුව මතු දිනකදී සැබවින්ම කුඩු තිබී අසු වුවත් ඔහුට පවරන නඩුවකදී ඔහු නිදොස්කොට නිදහස් වේ.

    කෙසේ වෙතත් විධිමත් පරීක්ෂණයක් නොකොට සියල්ලම අතේ පත්තු වීමෙන් අනතුරුව චෝදනා එල්ල කිරීම නීතියට අනුවද නීතිවිරෝදීය. අපට ලැබී තිබෙන හඬ පටයද, එම ප්‍රදේශයෙන් අප ලබාගෙන තිබෙන CCTV දර්ශනද අනුව මෙම විශේෂ කාර්ය බලකා නිලධාරීන් වැඩේ අනාගෙන තිබේ.

    කෙසේ වෙතත් විශේෂ කාර්ය බලකායේ සහකාර පොලිස් අධිකාරි සම්පත් නැමති නිලධාරියා ඉතාම හොද නිලධාරියෙකු බව එම බලකායේ මාධ්‍ය ඒකකය මගින් අපගේ ක්ෂණික ඇමතුම් අංකයට කතා කර දන්වා තිබේ. ඔහු හොද නිලධාරියෙකු නම් ඔහුට මෙම වැටලීම සිදුකිරීමට යම් නියෝගයක් දුන් ඔහුටත් වඩා ඉහල නිලධාරියෙකු සිටිය හැකිය. ඔහුටත් වඩා ඉහලින් තවත් නිලධාරියෙකු සිටිය හැකිය. එසේ නම් නම් ඔහුට ඉහලින් සිටින නිලධාරියෙකු හෝ නිලධාරීන් කිහිප දෙනෙකු විසින් එම සම්පත් නැමති නිලධාරියා මේ සඳහා යොමු කලා වියහැකිය. මේ අකාරයෙන් කටයුතුකරන ලෙස අහවල් නිලධාරියා පැවසූ බවාව්ත් ඔහු පැවසිය යුතුය. වර්තමාන ලෝකයේ සියල්ලම විසදෙන්නේ සාක්ෂි නීතිය අනුවය. නමුත් එයින් යමක් මග හැරෙන්නේ නම් එයට දඩුවම සොබාදහම මගින් ලබා දෙයි.  ඕනෑම අයෙකුට ආත්ම ගරුත්වයක් ඇත. ASP සම්පත්ට ද, OIC ඇඹිලිපිටියටද එසේමය. ASP සම්පත්ගේ නම කියවෙන්නේ පටිගත කිරීම තුලය. ඔහු කවුදැයි යන්න අප කිසිවෙක් නොදන්නා නමුත්, මෙය නිවැරදි කිරීමට යම් නිවේදනයක් නිකුත් කරන්නේ නම් එය අප වෙත ලබා දෙන ලෙසද, එය පලකරන බවද විශේෂ කාර්ය බලකායේ මාධ්‍ය ඒකකයේ ස්ථානාධිපති බව පැවසෙන පොල්ගම්පොල නැමති නිලධාරියෙකුට දැනුම් බව අපගේ ක්ෂණික ඇමතුම් සේවයේ සටහන්ව තිබේ. පොලිසියේ ස්ථානාධිපතිවරයාට කුඩු මුදලාලි කෙනෙකු යැයි පවසා ලේබලය ඇලවීම මෙන්ම ASP සම්පත්ටද එසේ කිරීමට යමෙක් කටයුතු කලාද විය වියහැකිය. අප සියල්ලම පළකරනුයේ සාක්ෂි මතය. එසේ නම් අප කවුරුත් අවංක විය යුතුය.

    දැන් සෙවිය යුත්තේ මත්කුඩු ජාවාරමුන් සහ පාතාලය සමග සමීපව සිටින සත්ව ඝනයේ පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් මෙන්ම පොලිස් නිලධාරින්ද සොයා ගැනීමයි. අප සතුව බොහෝ තොරතුරු තිබේ. ශ්‍රී ලංකා පොලිසිය සහ විශේෂ කාර්ය බලකායේ මෙම පිළිකාවන් සොයා යාම සහ වැඩ තහනම්ව සිට එවැනිම දූෂිත නිලධාරින්ගේ පිහිටෙන් නැවත රාජකාරියේ යෙදී සිටින දූෂිතයන් එලවීමේ සෘජු ක්‍රියාවලියක් ඇති කිරීමේ පූර්ණ වගකීම තිබෙන්නේ පොලිස්පතිටය. නමුත් ඔහුටද බැරි බව අප දුටිමි. දැන් කල යුත්තේ ජනාධිපතිවරයා විසින් සියල්ල නිවැරදි කිරීමේ යාන්ත්‍රණයක් ඇති කිරීමයි.

    පාතාලේ සමග සමීප සම්බන්ධතා පැවැත්වීම සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්ය බලකායට චෝදනා එල්ලවීම නිරන්තරව සිදු වීම රටක වැසියන් ලෙස අප ලබන දැවැන්ත පරාජයකි. එසේ කරන ඔවුන්ගේ ද දෙනෙත් විවර වන්නේ ඔවුන්ගේ ද දරුවන් අපරාධකරුවන්, කුඩ්ඩන් බවට පත් වූ දිනකය. එවිට කුමක් කලත් පලක් නොවේ.

    කළුතර ප්‍රදේශයේ සල්ලි පොලියට දීමේ නිරත වන සහ සංවිධානාත්මක අපරාධකරුවකුගේ කීමට “කළුතර ටසියා නැමැත්තා” බෝම්බයක් සමග අධිකරණයට ඉදිරිපත් කළේ කවුදැයි සෙවීමට හෝ ඒවායින් ලැබෙන අයහපත් ක්‍රියාවලිය දෙස කිසිවෙකුගේ අවධානය යොමු කර නැත. පොලිස් විශේෂ කාර්ය බලකායේ උසස් නිලධාරීන්ගේ දූෂිත කටයුතු හේතුවෙන් එම බෝම්බය සමඟ ටසියාගේ ගේ සිදුවීමේ  සටහන් දැමූ පොලිස් පරීක්ෂකවරයා මාස දෙකකට අධික කාලයක් “ඔල්මාද ස්වභාවයෙන්” කටයුතු කළේ ඇයිද යන්න ශ්‍රී ලංකා පොලිස්පතිගේ හෝ අවධානයට යොමුව නැත.

     පොලිස් විශේෂ කාර්ය බලකායේ  අවංකව රාජකාරි කරන නිලධාරීන් පවසන්නේ නීතිවිරෝධී අයුරින් බෝම්බයක් දමා තමාගේ රාජකාරි ජීවිතයේ “පළමු අධිකරණ කටයුත්ත නීතිවිරෝධී ලෙස කිරීමට උසස් නිලධාරීන්ගේ එල්ල වූ පීඩනය හමුවේ” අසරණ වු එම නිලදාරියා එලෙස ඔල්මාද වු බවකි. ටසියා නැමැත්තා ඔහුට සිදුවූ අසාධාරණය ලංකාවේ පිහිටා තිබෙන මානුෂීය අයිතිවාසිකම් සම්බන්ධ ව සෙවීමට තිබෙන ආයතන සියල්ල ද දැනුවත් කිරීමට පියවර ගෙන තිබේ. එම සිදුවීමට සම්බන්ධ වැඩි විස්තර සොයා යන අයකුට ලෙහෙසියෙන් සිදුවී ඇති දෙය සොයාගත හැකිය. උසස් නිලධාරීන්ගේ දූෂිත ක්‍රියා හමුවේ පිඩනයට ලක්වන පුංචි නිලධාරීන් සම්බන්ධව මෙයට වඩා අවදානය යොමුකළ යුතුය.  

    ගෝනහේන කඳවුරේදී පසුගියදා සිය දිවි නසා ගත් උප පොලිස් පරීක්ෂක වරයාට එසේ වීමට හේතුව කුමක්ද?. ඇඹිලිපිටිය ස්ථානාධිපතිවරයාට ඇත්තේ එවැනි හැඟීමක් විය හැක. වරදකරුවකු නම් දඬුවම් දිය යුතුය. ජීවත් සිටින විට මානසිකව  මැරීම සිදු නොකළ යුතුය. උසස් නිලධාරින් මේවාට  අවධානය යොමු කිරීම  නොකළහොත් පොලිසියෙන් අවංකයින්  සේවය අතහැර යනු ඇත. දැනටමත් වැඩිහිටි පොලිස් නිලධාරීන්ගෙන් 80% ක් පමණම දූෂිත ඝනයට වැටි තිබේ. නමුත් තරුණ පොලිස් නිලධාරීන්ගෙන් 80% ක් පමණ අවංකවම තම රාජකාරිය සිදුකරයි.

    පොලිස් සහ ආරක්ෂක හමුදා සේවය සෙල්ලමක් නොවේ. සෙල්ලම් කරන නිලධාරීන් සෙල්ලම් කරන්නේ ජාතික ආරක්ෂාව සමගය. නිල ඇදුමක් වෙනමම අන්දවා ගෞරවනීය තත්වයක් ලබා දී තිබෙන්නේ ඔවුන් ඕනෑම රටක “ ජාතික අරක්ෂාවේ කුළුණු “ බැවිනි. එම ආයතන සුරැකෙන්නේ නැති නම් රටද කිසිදා සුරැකෙන්නේ නැත. එබැවින් නිල ඇදුමේ බලය නීතිවිරෝදී ලෙස භාවිතා කිරීමට එරෙහිව අවශ්‍ය අනපනත් මෙන්ම ඒ සඳහා අවශ්‍ය නිසි පුහුණුවීම් ලබා දීම දැනටමත් ප්‍රමාදය.

    නමුත් තිබෙන ටික හෝ ආරක්ෂා කිරීමට දැන්වත් අවධානය යොමු කල යුතුය. එසේ කල හොත් නැවත අපරාධකරුවන් බිහිනොවනු ඇති අතර දැනට බිහිව සිටින මත්ද්‍රවය ව්‍යාපාරිකයන් මෙන්ම අපරාධකරුවන්ටද එම ව්‍යාපාරවලින් මිදී යහපත් මිනිසුන් ලෙස සමාජ ගතවීමට නම් ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශවල නිලධාරින්ද යහපත් විය යුතුය.

    මීට පෙර පුවත – ඉහත මත් කුඩු සහ එහි අඩංගු පටිගත කිරීමට අදාළ පුවත

    https://www.ravanalankanews.lk/13540/07/%e0%b7%80%e0%b7%93%e0%b6%a9%e0%b7%92%e0%b6%ba%e0%b7%9d-%e0%b7%80%e0%b7%92%e0%b7%81%e0%b7%9a%e0%b7%82-%e0%b6%9a%e0%b7%8f%e0%b6%bb%e0%b7%8a%e0%b6%ba-%e0%b6%b6%e0%b6%bd%e0%b6%9a%e0%b7%8f%e0%b6%ba/05/17/
    Tags: ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්නප්‍රජා පුවත්
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    Uncategorized

    බස් රථ අනතුරකින් අයෙක් මරුට.

    මාර්තු 17, 2024
    Uncategorized

    පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් .

    මාර්තු 16, 2024
    Uncategorized

    අලුතින් ග්‍රාම නිලධාරීන් 2002ක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    පොලිස්පති පත් කිරීමට එරෙහිව FR පෙත්සමක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    දුම්රිය ආසන වෙන් කිරීමේ ගැටලුවක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    බොන්න වතුර නැත්තන් 117ට කියන්න.

    මාර්තු 15, 2024
    Uncategorized

    විද්‍යා පීඨවලට ඇතුළත් වීමට අයදුම්පත් කැදවයි .

    මාර්තු 15, 2024
    Uncategorized

    කෙහෙළියගෙන් මහාධිකරණයට ඇප අයදුම්පතක්.

    මාර්තු 15, 2024
    Uncategorized

    දෙදරා ගිය අනියම් පෙම – දරුවන් දෙදෙනෙකු අනාථ වෙයි.

    මාර්තු 15, 2024
    Uncategorized

    19 වනදා සිට යළිත් සෞඛ්‍ය වර්ජනයක් .

    මාර්තු 15, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version