අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රදවා සිටින කුඩු සලිදු නැමැත්තාගේ ජීවිත ආරක්ෂාව තහවුරු කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සදහා ජූනි මස 21 දින කැදවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද නියම කළ බවට වාර්තා වේ.
මැඩගස්කරයේදී අත්අඩංගුවට ගෙන මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රදවා සිටින කුඩු සලිදු නැමැත්තාගේ ජීවිතයට දැඩි අවදානම් සහගත තත්වයක් මතුව ඇති බැවින් ඔහුගේ ජීවිත ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගන්නා ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කරන ලෙස මෙම පෙත්සමේ සදහන් කර තිබේ.














































