අද (30) පස්වරුවේ හංවැල්ල, තුංමෝදර කුමාරි ඇල්ලේ දිය නෑමට ගිය පුද්ගලයින් තිදෙනෙක් දියේ ගිලී අතුරුදන්ව ඇත.
මෙසේ අතුරුදන්ව ඇත්තේ වයස අවුරුදු 14ක ගැහැණු ළමුන් දෙදෙනෙකු සහ 29 හැවිරිදි තරුණයෙකු බව වාර්තා වේ.
මේ වන විට ඔවුන් සොයා හංවැල්ල පොලිසිය සෝදිසි මෙහෙයුම් ආරම්භ කර ඇත.