වාලච්චේන නාපතාවිල් ප්‍රදේශයේ කුඹුරු යායකදී පුද්ගලයකුට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කළ පුවතක් වාර්තා වේ.
මෙසේ මියගොස් ඇත්තේ කල්ලඩ්වේටෙයි කිරාන් ප්‍රදේශයේ පදිංචි 74 හැවිරිදි පුද්ගලයකු වන අතර මොහුගේ ගොවිපලේ හිමිකරුට අයිති එළුවන් අනෙක් ගොවිපලේ බෝගවලට අලාභ හානි සිදු කිරීම සම්බන්ධයෙන්
දෙදෙනා අතර කලක සිට ආරවුල් තිබී ඇති බව සදහන්.
මෙම ආරවුල දුර දිග යාමෙන් ඇති වූ බහින්බස් වීමක් හේතුවෙන් ඊයේ (06) අනෙක් ගොවිපලේ හිමිකරු විසින් අදාල පුද්ගලයාගේ හිස ප්‍රදේශයට යම් තියුණු ආයුධයකින් පහරදී මෙම ඝාතනය සිදු කළ බවට මූලික පොලිස් විමර්ශණ වලින් අනාවරණය වේ.
සිද්ධියට සම්බන්ධ සැකකරු ප්‍රදේශයෙන් පළා ගොස් ඇති අතර සැකකරු අත්අඩංගුවට ගැනීම සදහා වාලච්චේන පොලිසිය වැඩිදුර විමර්ශණ සිදු කරනු ලබයි.














































