අද (07) දින කොළඹ කොටස් වෙළදපොළ මිල දර්ශකවල ඉහළ යාමක් දක්නට ලැබෙන බවට වාර්තා වේ.
ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේදී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 198.02කින් ඉහල ගොස් ඇති බවට වාර්තා වේ.
එය ඒකක 9,642.94ක් ලෙසින් සටහන් වූ අතර s&p sL20 දර්ශකය ඒකක 30.96කින් ඉහළ ගොස් ඒකක 2,869.14 ලෙසින් වාර්තා වී තිබේ .
රුපියල් බිලියන 3.43ක ගනුදෙනු පිරිවැටුමක් අද දින වාර්තා වූ බවද සදහන් වේ.













































