English
සිංහල
01:13 බ්‍රහස්පතින්දා, ඔක්තෝබර් 30, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    කොම්පැනියේ වෙබ් එකේ නාමල් රාජපක්ෂ සිටින පින්තුරයක්..කටාර්වලින් තෙල් ගේන්නේ නාමල්ගේ කොම්පැනියෙන්ද?.

    Sri Ravana by Sri Ravana
    වසර 3ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp
    • ALBG සමාගමේ මූල්‍ය අධ්‍යක්ෂ නාමල් රාජපක්ෂ මන්ත්‍රි නාමල්මද?
    • FIFA එකෙන් ටිකට් අරගෙන නාමල් එක්ක කටාර් ගිය මන්ත්‍රිවරුන්ගේ ජායාරූප ALBG වෙබ් අඩවියේ
    • නාමල් ගැන කොම්පැනියෙන් කළ විමසීමට තවම පිළිතුරු නෑ
    • බලශක්ති  ඇමැති කටාර් ගියේ මේ සමාගමෙන් තෙල් ගේන්නද?

       මේ වෙන විට රටේ තෙල් සංචිතයක් නැත.තෙල් සංචිත බිංදුවටම හිදි ඇති බව බනිජ තෙල් සංස්ථාවේ තොරතුරුම පෙන්වා දෙයි  ලංකා බනිජ තෙල් සංස්ථාව මගින් ප්‍රමුබතා ලයිස්තුවක් සකස් කොට තෙල් ලබාදීමේ වැඩපිළිවෙලක් සකසා තිබුණත් තෙල් බෙදා හැරීමේ පර්යන්තය මගින් එම ප්‍රමුබතා ලයිස්තුව ඉවත දමා ඇතැයි ද වාර්තාවේ.එහි උසස් නිලධාරියෙකු අප වෙත කියා සිටියේ තෙල් පර්‍යන්තය මගින් හිතුමතේ  තෙල් බෙදා හැරීම නිසා තවත් දින දෙකකට වඩා ජනතාවට භාවිතයට තිබු තෙල් සංචිත සීමා වූ බවය.අත්‍යවශ්‍ය සේවාවන්ට පමණක් තෙල් ලබාදීමට රජය තීන්දු කරන්නේ එවන් පසුබිමකය.එතැනින් නොනවතින  රජය තෙල් සංචිත ළග නැතත් මිල වැඩි කිරීමකට යන්නේ කිසිදු හිරිකිතයකින් තොරව බව බනිජ තෙල් සංස්ථාවේ උසස් නිලධාරියා අප වෙත කියා සිටියේය.

    • පුතාට රොකට් යවන්න උදව් කරපු සමාගමෙන් තමයි අන්තිම බොරතෙල් නැව ගෙනාවේ – පාඨලි චම්පික රණවක

      අත්‍යවශ්‍ය සේවාවන්ට ද දීමට දැන් තෙල් නැත.ඉතිරිව ඇති තෙල් තොග අත්‍යවශ්‍ය සේවාවන්ට මුවා වී වෙනත් පාර්ශව වෙත ලබා දෙන බව මේ දිනවල මාධ්‍ය මගින් දැකගත හැකිය.සැබැවින්ම අත්‍යවශ්‍ය සේවාවල යන අය තවමත් පෝළිම්වල සිටිනු දැක ගත හැකිය.රටට අවශ්‍ය තෙල් නැතිවෙන කොට ඉතියෝපියාවෙන් හරි වැඩි මිලට තෙල් ගෙනත් දෙන්න කියා ජනතාවම ඉල්ලන තැනට මේ වෙන විට රට වැටි හමාරය.මෙය සැලැසුම් සහගතව සිදු වූ දෙයක් බව සමගි ජනජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි චම්පික රණවක මහතාද පෙන්වා දෙයි.රටේ තෙල් සංචිත නිම වීමට පෙර ඉන්ධන සපයා ගැනීමේ වැඩපිළිවෙළක් රජයට තිබුණේ නැත.මේ අය කළේ තෙල් සැපයීම වෙනුවෙන් අප ළග ලියාපදිංචි වී සිටින අයට අමතරව තවත් දහහතර දෙනෙකු හරහා තෙල් ගේන්න හදපු එක යැයි චමොඉක රණවක මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.මේ අර්බුදයට මුවා වෙලා ඒ පිටුපස රාජපක්ෂ පවුලේ සාමාජිකයින් ඉන්නවා.මොකද මේ ළගදි ගෙන ආපු බොරතෙල් නැව ආවෙත් රෝහිත රාජපක්ෂට රොකට් යවන්න උදව් කළ කොම්පැනියෙන්.ඒ තෙල් නැවේ ගණන් මිනුම් හරිම අසාමාන්‍යයි.මේ අර්බුදයට මුවා වෙලා කට්ටිය බිස්නස් කරනවා.අපේ ලියාපදිංචි වී ඇති ආයතනයකින් තෙල් එනවා නම් ඒකේ වගවීමක් තියෙනවා.නමුත් දැන් තෙල් එන්නේ ටෙන්ඩර් කැදවීමක් එක්ක නෙමෙයි.තෙල් නැව ආවම සල්ලි දෙන විදියටයි මේක හදාගෙන තියෙන්නේ.එම නැවෙන් ගෙන ආපු තෙල් බැරලයක් ඩොලර් හයක් වැඩියි.වෙළෙදපොල වටිනාකම ඊට අඩුයි.මේවා ගැන අපට වාර්තා වෙලා තිබෙනවා යැයි චම්පික රණවක මන්ත්‍රිවරයා පෙන්වා දෙයි.

      රට තුළ තෙල් අර්බුදයක් ඇති වීම මෙන්ම මිල ඉහල දැමීමෙන් පමණක් නොනැවතුන රජය මේ වෙන විට තෙල් සංස්ථාව සතු පිරවුම්හල් පෞද්ගලික අංශයට ලබාදීමටද කැබිනට් අනුමැතිය ලබා දුන්නේ මෙවන් පසුබිමක් තුළය.බනිජ තෙල් සංස්ථාව සතුව ලියාපදිංචි  ඉන්ධන පිරවුම්හල් 1200ක් පමණ ඇත.ඉන් 300කට ආසන්න ප්‍රමාණයක් සෘජුවම බනිජතෙල් සංස්ථාව සතුය එම පිරවුම්හල් අතරින් පනහක් පමණ IOC සමාගමටත් තවත් ඒවා තෙල් ලබා දෙන පදනම මත වෙනත් විදේශ සමාගම් වෙත ලබාදීමටද කැබිනට් අනුමැතිය හිමි වූ බව බනිජ තෙල් සංස්ථාවේ උසස් නිලධාරියෙකු අප වෙත කියා සිටියේය.තෙල් සංස්ථාවේ ලියාපදිංචි වී ඇති පුද්ගලික පිරවුම්හල් තමන් කැමැති සේවාදායකයෙකු සමග එක්ව තෙල් බෙදා හැරීමටද ලියාපදිංචිය වෙනස් කළ හැකි බව එම නිලධාරියා පෙන්වා දෙයි.

    • තෙල් ගෙවන්නේ නාමල්ගේ සමාගම හරහ  කියා රටේ මතයක් තියෙනවා-ආනන්ද පාලිත

     පසුගියදා තෙල් නැවක් පැමිණි බවත් එම නැවට ඩොලර් මිලියන 42.5ක් මුදලක් තෙල් සංස්ථාව ගෙවා ඇති බව ආනන්ද පාලිත මහතා පෙන්වා දෙයි.දැන් නැව ආගිය අතක් නැත.තෙල් ටිකද නැත.මුදල් ද නැත.බලශක්ති ඇමැති පුන පුනා කියා සිටි මේ තෙල් නැව ගැන කතා කිව්වා.එසේම  පෙර ආ බොරතෙල් නැවක් ද ආවා.මේ නැව් දෙකම ආවේ ඩුබායි සහ කටාර් වලින් බවත් මේ පිටුපස රජපක්ෂවරු සිටින බවට තොරතුරු අනාවරණය වී ඇති බවද ආනන්ද පාලිත මහතා පෙන්වා දෙයි.මේ අය උත්සහ කළේ රටේ තෙල් නෑ කියලා පෙන්වලා කොහෙන් හරි වැඩි මිලට හරි තෙල් ගේන තැනට රට පත් කරන්න.බලශක්ති ඇමැති කාංචන විජේසේකර පසුගියදා පවත්තපු මාධ්‍ය හමුවට පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂත් සහභාගි වුණා.ඒකෙන් පස්සේ තමයි රුසියාවේ සහ කටාර් තෙල් ගැනීම් ගැන කතා බහට ලක්වුණේ.මේ අය ඊට පස්සේ තමයි ලහි ලහියේ කටාර් සහ රුසියාවේ ගියේ.තෙල් සංචිත බිංදුවටම වැටෙනකම් ඉන්නේ නැතිව  කටාර් හරි රුසියාවෙන් හරි  තෙල් ගේන්න කලින් කතා කරගත්තා නම් මේ මොකුත් වෙන්නේ නෑ.දැන් කරන්නේ තෙල් නැවක් ගන්න  මහ බැංකුවට ඩොලර් එකතු වෙනකම් ඉදලා නැව ගෙන්වන එකයි.මොකද අපි මීට පෙර තෙල් ගනුදෙනු කළේ මාස හයෙන් හරි අවුරුද්දකින් හරි ගෙවනවා කියලා ණයට තෙල් අරගත්ත එකයි.පොරොන්දු ගිවිසුම මතයි එම ගනුදෙනු වුණේ.කටාර් ගියාට ඒ රජයෙන් තෙල් දෙන්නම් කියලා තවම පොරොන්දු වෙලා නෑ.නමුත් සලකා බලන්නම් කියලා තියෙනවා.කටාර් හරහා තෙල් ගෙන්වනනේ නාමල් රාජපක්ෂ මහතාගේ කොම්පැනියක් හරහා බව මේ වෙන විට සමාජ මාධ්‍ය හරහා තොරතුරු වාර්තා වෙනවා යැයි ද ආනන්ද පාලිත මහතා පෙන්වා දෙයි.ඒ අනුව ඇමැති කාංචන විජේසේකර සහ ශ්‍රිලාංකික නියෝජිතයින් කටාර් ගියේ එම සමාගම හරහා තෙල් ගෙන ඒමට බව මේ වන විට රටේ පැතිරයන කතාවක් ඇති බව ආනන්ද පාලත මහතා පෙන්වා දෙයි.

     කටාර් රාජ්‍යයෙන් තෙල් ගෙන්වන්නේ නාමල් රාජපක්ෂ මහතාට අයත් කොම්පැනියෙන් කියන කාරණාව සාමාජ මාධ්‍ය තුළ මෙන්ම මුළු රටේම ලැව් ගින්නක් සේ මේ වෙන විට පැතිර ගොස් හමාරය.මේ කොම්පැනිය ගැන     තොරතුරු සෙවීමට අප පටන් ගන්නේ 2022-4-18 සිටය. ඒ තෙල් කතාව සමාජගත වීමටත් පෙරය.එහිදි අපට මෙම සමාගම ගැන තොරතුරු ලැබුණි. ALBG නමින් හදුන්වන මෙම ආයතනයේ මූල්‍ය අධ්‍යක්ෂ ලෙස සිටින්නේ නාමල් රාජපක්ෂ නම් අයෙකි. එම නිසා පසුගිය අප්‍රේල් මාසයේදි අදාළ සමාගම වෙත ඊමේල් පණිවුඩයක් යවමින් අප විමසා සිටියේ ඔබ ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සිටින නාමල් රාජපක්ෂ සහ ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ අතර යම් සම්බන්ධයක් ඇත් ද කියාය. එනම් මූල්‍ය අධ්‍යක්ෂ නාමල් රාජපක්ෂ සහ ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ කියන්නේ දෙදෙනෙක් ද නැත්නම් එක් අයෙක්ද කියාය.නමුත් අදාළ සමාගම මේ වෙනතුරු එම ඊමේල් පණිවුඩයට පිළිතුරු එවා නැත.

       ඉන්පසු අප නැවත තෙල් ගෙන්වීමේ කතා බහ කරළියට ආ විට 2022-6-29 දිනද නැවත අදාළ සමාගම වෙත ඊමේල් පණිවුඩයක් යවා කලින් ප්‍රශ්නයම විමසා සිටියේය.මේ ලිපිය පලවෙන මොහොත වෙනවිටත් ඊට පිළිතුරු ලැබි තිබුණේ නැත.

      මෙම ආයතනයේ වෙබ් අඩවිය පරික්ෂා කිරිමේදි අපිට ජායාරූප කිහිපයක් හමුවුණෙමු. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල්  රාජපක්ෂ සහ තවත් නවක මන්ත්‍රිවරු පිරිසක් කටාර්වලදි ගත් ජායාරූප පෙළකි. එම සමාගමට අයත් වෙබ් අඩවියේ එම ජායාරූප පළ කොට තිබුණි. එම ජායාරූපවල අදාළ සමාගමේ බලධාරියන් සහ කටාර් රජයේ නිලධාරින් මෙන්ම කටාර් ශ්‍රිලංකා තානාපතිවරයාද සිටිති. අපි එම ජායාරූප 2022-4-18 දින බාගත කළෙමු. දැන් එම වෙබ් අඩවියේ අදාළ ජායාරූප අපි නොදැක්කෙමු.

    • කම්කරු අමැති කටාර් එන්න කළ ඉල්ලීම් කටාර් රජයෙන් ප්‍රතික්ෂේප කරලා
    • කම්කරු ඇමැතිට කටාර් එන්න අවසර නෑ.නාමල්ට එහෙම ගැටලුවක් නෑ
    • ALBG  සමාගම ගැන නිල වශයෙන් මොකුත් කියන්න බෑ
    • කටාර් කම්කරු ඇමැතිට සමාන කෙනෙක් හමුවෙලා සාකච්ඡා කළා
    • නවක මන්ත්‍රිවරුන්ට කටාර් යන්න ටිකට් දුන්නේ FIFA එකෙන්

      මෙම ජායාරූපයේ පොදුජන පෙරමුණේ නවක මන්ත්‍රි වසන්ත යාපා බණ්ඩාරද සිටියේය. එනිසා මේ කාරණා ගැන මන්ත්‍රිවරයාගෙන්ම අපි අසා දැන ගත්තෙමු.එහිදි මන්ත්‍රිවරයා පැවසුවේ මෙවැන්නකි.

    • ඔබතුමා කටාර් ගියාද?

     වසන්ත මන්ත්‍රිතුමා: ඔව් අපි කටාර් ගියේ 2021දෙසැම්බර් 18 වගේ.

    • මේ සමාගම හරහා නේද ලංකාවට තෙල් ගේන්නේ

    වසන්ත මන්ත්‍රිතුම: ඒක දන්නේ නෑ. අපි ඒ සංචාරයේදි කටාර්වල කම්කරු ඇමැතිට සමාන කෙනෙක් සමග සාකච්ඡාවකට ගියේ. එහිදි අපි කතා කළේ ලංකාවෙන් කටාර් යන්න බලාගෙන ඉන්න අයගේ වීසා ගැටලුව ගැන. මෙම සාකච්ඡාවට ලංකාවේ තානාපතිවරයාත් සහභාගි වුණා.මීට අමතරව ක්‍රිඩා රෝහලකට. ලංකාවේ ආබාධිත ක්‍රිඩකයින්ට එම රෝහලට යන්න පුළුවන්ද කියා සාකච්ඡා කළා.එසේම FIFA එකේ අවසන් තරගයක් හෝ දෙකක් නරඹන්න අවස්ථාව උදා වුණා.

    • ALBG කියන සමාගම සහ මෙම සංචාරය අතර සම්බන්ධය මොකක්ද?නාමල් රාජපක්ෂ මහතා එහි අධ්‍යක්ෂ වරයෙක් ද?

    වසන්ත මන්ත්‍රිතුමා: නෑ ඒක මම දන්නේ නෑ හරියට.මට එම සමාගම ගැන නිල වශයෙන් මොකුත් කියන්න බෑ

    • කම්කරු ඇමැති ලංකාවේ ඉද්දි ක්‍රිඩා ඇමැති කටාර් ගිහින් කම්කරු ප්‍රශ්න කතා කළාම හරිද?

    වසන්ත මන්ත්‍රිතුමා:මට ආරාධනාවක් කරලා තිබ්බා මෙහෙම ගැටලු කතා කරනවා කියලා.මම ඊට සහභාගි වුණා.නාමල් රජපක්ෂ මහතා කටාර් රාජ්‍ය නායකයා හමු වුණේ නෑ.නමුත් ඉහළම රාජ්‍ය තාන්ත්‍රිකයින් හමුවුණා.එම සාකච්ඡාවලදි කියැවුණා කටාර් රාජ්‍යයෙන් කම්කරු ඇමැති නිමල් සිරිපාල මහතා මේ ගැටලු ගැන කතා කරන්න අවස්ථවක් ඉල්ලා තිබුණා කියා.නමුත් ඒ රජයෙන් අවස්ථාවක් දිලා නෑ.ඒනිසා මහින්ද රාජාපක්ෂ මහතාගේ සබදතා එක්ක නාමල් රාජපක්ෂ මහතා කම්කරු  ප්‍රශ්න ගැන කතා කරන්න අවස්ථාවක් ඉල්ලලා.ඒක ලැබිලා.

    • නාමල් රාජපක්ෂ මහතා එම සමගමේ මූල්‍ය අධ්‍යක්ෂවරයා කියා දැන සිටියද?

    වසන්ත මන්‍ත්‍රිතුමා:මම ඔය සමාගම ගැන දන්නේ නෑ.දන්නේ නැති එකක නමක් කියන්න බෑ

    • මේ ගමනට නවක මන්ත්‍රිවරු ගියේ ඇයි?

    වසන්ත මන්‍ත්‍රිතුමා:අපේ කටාර් ගමනට අවශ්‍ය ටිකට් වලට අනුග්‍රහය දැක්වූවේ FIFA එකෙන්. ජස්තර්  කියන මහත්තයා FIFA එකේ ලංකාවේ සභාපති.මේ ගමනට ඒ මහත්තයත් ආවා.මේ ගමනට ඩබ්ලිව්.ඩී.වීරසිංහ සහ මිලාන් ජයතිලක මන්ත්‍රිවරු ගමනට එක් වුණා.නාමල් ඇමතිතුමා එහිදි අපට සම්බන්ධ  වුණා.අපි නාමල් ඇමතිතුමාට කියලා තිබුණා කටාර් කම්කරු ගැටලුවේදි මැදිහත් වෙන්න කියලා.ඒ නිසයි FIFA එකෙන් ටිකට් අනුග්‍රහය අරගෙන අපිත් කටාර් ගියේ.

    • නිමල් සිරිපාල ඇමැතිතුමා කටාර් යන්න අවස්ථාවක් ඉල්ලුවේ නෑ
    • වසර හතරක් රාජ්‍ය ත්‍රාන්ත්‍රික ලෙස ලංකාවේ කවුරුත් කටාර් ගිහින් නෑ
    • ලංකාවේ ශ්‍රමික ප්‍රශ්නය කටාර් තානාපතිවරයා හමුවි නිරාකරණය කර ගත්තා – කම්කරු අමාත්‍යාංශය

       අප මේ කාරණා ගැන කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල මහතාගෙන්ද විමසීමක් කළෙමු.එහිදි අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු පවසා සිටියේ කටාර් රාජ්‍යයට යාමට කිසිම විටෙක ඇමැතිතුමා ඉල්ලීමක් කර නැති බවය.කොවිඩ් වසන්ගතය හමුවේ කටාර්වල සිටින අපේ ශ්‍රමිකයින් මුහුණ දෙන ගැටලු සහ විදේශ ගතවීමට බලාපොරොත්තු වෙන අයගේ වීසා ගැටලු ගැන ඇමැතිවරයා ශ්‍රිලංකා කටාර් තානාපතිතුමා සමග සාකච්ඡා කොට විසදුම් ලබාගත්තා.අනික රාජ්‍ය ත්‍රාන්ත්‍රික ලෙස කටාර් යනවා නම් ඒක තානාපති කාර්‍යාලය හරහා එන නිල සංචාරයක් වෙන්න ඕන.එහෙම නැතිව පස්ස දොරෙන් ගිහින් ඒ රටේ පාලකයෝ හමුවෙන්න බැරි බවද එම ප්‍රකාශකයා පවසයි.කම්කරුප්‍රශ්න කතා කරන්න කියලා මේ අය වෙන වැඩකට යන්න ඇති බවද එම ප්‍රකාශකයා පවසයි.දැනට වසර හතරක කාලයක් රාජ්‍ය ත්‍රාන්ත්‍රික ලෙස කටාර් රාජ්‍ය වෙත කිසිවෙක් නොගිය බවද ර්එම ප්‍රකශකයා පෙන්වා දෙයි.

    • නාමල් රාජපක්ෂගෙන් පිළිතුරු නෑ

      ALBG සමාගමේ මූල්‍ය අධ්‍යක්ෂවරයා වන්නේ නාමල් රාජපක්ෂ මහතද කියා දැන ගැනීමට අප ඒ මහතාව සම්බන්ධ කර ගැනීමට උත්සහ කළෙමු

    එහිදි 0472240***තංගල්ල නිවසේ දුරකථන අංකයට ගත් විට එහි ආරක්ෂකයෙකු පවසා සිටියේ නාමල් රාජපක්ෂ මහතාගේ ලේකම්වරයෙකු වන ලහිරු කොඩිතුවක්කු මහතාට කතා කොට මන්ත්‍රිවරයා සම්බන්ධ කර ගන්නා ලෙසය. එලෙස අප ලහිරු මහතට කතා කළ විට පවසා සිටියේ අවශ්‍ය කාරණය කෙටි පණිවුඩයක් මගින් එවන ලෙසය. එලෙස කෙටි පණිවුඩයක් යැව්වද තවම නාමල් රාජපක්ෂ මන්ත්‍රිවරයා සම්බන්ධ කර ගැනීමට නොහැකි විය.

    කෙසේ වෙතත් මේ වෙන විට කාංචන විජේසේකර ඇමැතිවරයා කටාර් රාජ්‍ය නායකයින් සමග ඉන්ධන,ගෑස් සහ බලශක්ති ගැටලුව විසදා ගැනීමට සාකච්ඡා කරන අයුරු මාධ්‍ය මගින් අපි දැක්කෙමු. නමුත් එම සාකච්ඡා ගැන සලකා බලනවා කියන්වා හැර ස්ථිර විසදුමක් තවම කටාර් රජය ලබා දී නැති බව අප වෙත වාර්තාවේ. එසේම ලංකාවේ දූත පිරිස් නවාතැන් ගෙන ඇත්තේද ලංකාවේ ප්‍රබල අයෙකුට අයත් නවාතැනකලු යැයි ද දැන ගන්නට තිබේ. හරි දේ හරියට සිදු වී රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් තෙල් ගැටලුව විසදා ගැනීමට හැකි වුණොත් හොදය. නැත්නම් ඇමැති කාංචනද මේ සැරසෙන්නේ තවත් පවුලකට ලාබ ගෙන දීමට නම් එය ලංකාවේ ජනතාව ඇමැතිවරයාට සමාවක් නොදෙනු ඇත.

      මේ සියලු කාරණා ගැන දැන ගැනීමට අප බනිජ තෙල් සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතාගෙන්ද විමසීමට කතා කළ මුත් සභාපතිවරයා සම්බන්ධ කර ගැනීමට නොහැකි විය.

       කටාර්වලින් තෙල් ගෙන එනනේ මොන සමාගමෙන් ද කියා තවම බනිජ තෙල් සංස්ථාව කිසිවක් පවසන්නේ නැත.ALBG සමාගම හරහා තෙල් ගෙන එනවාද නැද්ද කියා තවම දන්නේ නැත.සමහර විටෙක මෙම සමාගම නමින් අප දකින වෙබ් අඩවිය ව්‍යාජ ලෙස නිර්මාණය කළ එකක්ද විය හැකිය.නමුත් නංගි පෙන්නලා අක්කා දෙනවා වාගේ මෙම සමාගම පෙන්නා වෙනත් සමාගමකින් තෙල් ගෙන එනවා දැයි දන්නේ නැත.එය ඩුබායි හෝ සීෂෙල්ස් රටවල සමාගමක් විය හැකිය. නැත්නම් කටාර් වලම වෙනත් සමාගමක් විය හැකිය.එනිසා තෙල් ගෙන්වීම පිටුපස සිටින්නේ කවුද? මේ චෝදනා එල්ල වෙන අයම එහි සිටිනවාද? කියා අපි අවධානයෙන් සිටින්නෙමු.

    (ඉරිදා ලංකාදීප වෙනුවෙන් ප්‍රගීත් සම්පත් කරුණාතිලක විසින් සම්පාදනය කරන ලද විමර්ශනාත්මක ලිපියකි.)

    Tags: ප්‍රමුක පුවතවිශේෂාංග
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    Uncategorized

    මෙවර රාජ්‍ය වෙසක් උත්සවය මාතලේ.

    මාර්තු 15, 2024
    පොලිසිය

    දකුණේ පාතාලය මඩින්න පොලිස්පතිගෙන් විශේෂ සැලසුමක් .

    මාර්තු 14, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 14 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 14, 2024
    කාලගුණ

    යළිත් පාසල්වලට දැනුම්දීමක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    මහා හඩ පෞරුෂය සදහටම නිහඬ වෙයි.

    මාර්තු 13, 2024
    විශේෂ පුවත්

    තැපෑලේ වැඩවර්ජනය ගැන පරීක්ෂණයක්.

    මාර්තු 13, 2024
    ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්න

    සරසවි අනධ්‍යයන සේවකයින් වැඩවර්ජනයක.

    මාර්තු 13, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 13 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 13, 2024
    පාසල්

    සියලුම පාසල් වෙත විශේෂ දැනුම්දීමක් .

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    ග්‍රාම නිලධාරී සම්මුඛ පරීක්ෂණයට දින නියම වෙයි.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version