කොරෝනා රෝගය වැළදීම නිසා යාපනය පුතූර් ප්‍රදේශයේ පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ .
මෙම පුද්ගලයාට උණ රෝගය වැළදී ප්‍රතිකාර සදහා පුතූර් මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී කොරෝනා වෛරසය වැළදී ඇති බව තහවුරු වී ඇත.මෙම පුද්ගලයා රෝහලේ නිරෝධායනයට ලක් කර තිබු අතරතුරේදී ජීවිතක්ෂයට පත් වූ බව සදහන් .
මරණකරු යාපනය පුතූර් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මේ වන විට යාපනය ප්‍රදේශයේ කොරෝනා රෝගීන් නව දෙනෙකු හමු වී ඇති බව රෝහල් ආරංචි මාර්ග සදහන් කර ඇත.