සංචරණ සීමා ඉවත් කර පාසල් ආරම්භ කිරීමත් සමග දරුවන් අතර කොවිඩ් ආසාදිනය වීමේ ඉහළයාමක් දක්නට ලැබෙන බවයි විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය සඳහන් කරන්නේ.
එමෙන්ම ගැබිණි මව්වුරුන්ටද කොවිඩ් ආසාදනය වීමේ ප්‍රවනතාවය මේ වන විට ඉහළ ගොස් ඇති බවද ඇය පෙන්වා දෙයි.
පළාත් අතර පැවති සංචරණ සීමා ඉවත් කිරීමත් සමග ආසාදිතයින්ගේ වැඩිවීමක් දක්නට ලැබෙන බවත් දෙමාපියන් කුඩා දරුවන් රැගෙන යන ගමන්බිමන් හැකිතාක් නවතා දැමිය යුතු බවත් ඇය වැඩි දුරටත් සඳහන් කර ඇත.