හෙට (01) සිට සෞඛ්‍ය කාර්ය මණ්ඩල ඇතුළු ඉදිරි පෙළ වෘත්තිකයින් සඳහා කොවිඩ් මර්දන එන්නත් තෙවන මාත්‍රාව ලබා දීම ආරම්භ කිරීමට නියමිතව ඇත.
පසුගිය දිනක සෞඛ්‍ය අමාත්‍යංශයේ දී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කළේ මෙරට පුරවැසියන්ට කොවිඩ් මර්දන එන්නත් තෙවන මාත්‍රාව හෙට සිට ලබා දීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති බවයි.
එමෙන් ම මෙම බූස්ටර් එන්නත ලබා දීමේ දී ප්‍රමුඛතාවය හිමිවන්නේ සෞඛය, ආරක්ෂක හා සංචාරක යන අංශයන්ගේ නියැලෙන්නන් ඇතුලු ඉදිරි පෙළ පිරිස් සඳහා බව ද අමාත්‍යවරයා එහිදී සඳහන් කර ඇත.
එසේ ම මෙම වැඩපිළිවෙළ සඳහා එන්නත් මිලියනයක් මේ වන විට ලැබී ඇති අතර සෑම සතියකම තවත ලක්ෂ 04 බැගින් වන එන්නත් තොග ද මෙරටට ලැබීමට නියමිත බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.












































