අද (30) දින සිට ක්‍රියාත්මක කරන වැඩසටහනක් අනුව බස්නාහිර පළාත තුළ කොවිඩ් ආසාදිත හා නිරෝධනයේ යෙදී සිටින අයගේ නිවෙස්වලට ආයුර්වේද ඖෂධ නොමිලේ ලබා දීම ආරම්භ කර ඇත.
රෝගීන්ට අවශ්‍ය වෛද්‍ය උපදෙස් ද ලබා දෙමින් මෙම කටයුතු සංවිධානය කර ඇත්තේ බස්නාහිර පළාත් ආයුර්වේද ෙදපාර්තමේන්තුව විසින් ය.
බස්නාහිර පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව පවසා ඇත්තේ ,වෛද්‍යවරුන් 265 කගේ පූර්ණ අධීක්ෂණය යටතේ කොරෝනා ආසාදිතයින් නිවෙස් තුළ තබා ප්‍රතිකාර කිරීම් සිදු කරනවා මෙන් ම බස්නාහිර පළාතේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 40ක ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් විසින් රෝගීන් පිළිබඳ අවධානයෙන් ඔවුන්ට ප්‍රතිකාර කිරීම් කටයුතු සිදු කරන බවයි.
මෙම වැඩසටහන ආයුර්වේ ඖෂධ ප්‍රතිකාරවලට යොමුවෙමින් නිවෙස් තුළ ප්‍රතිකාර ලැබීමට කැමති ආසාදිතයින්ට හා නිරෝධායනයේ නියුතු පවුල් සඳහා ඉදිරියටත් ක්‍රියාත්මක කරන බවයි.
 
	    	



























 
		    


















