කොලඹ වරායේ රොන්මඩ සහ වැලි ඉවත් කිරිමේ කටයුතු කොවුලා සහ හංසකාවා යන යාත්‍රා යොදා ගනිමින් යළි ආරම්භ කර තිබේ.
මෙම යාත්‍රා දෙක යොදා ගනිමින් සිදුකළ මෙම මෙහෙයුම් පසුගිය කාලසීමාවක් තුළදී නවතා දමන ලදී.
මෙනිසා වරායේ උපරිම නැංගුරම් ධාරිතාව සපුරා ගැනීමේදී බාධා එල්ල වී තිබිණ.
ඒ අනුව මෙම ගැටලුව පිළිබඳව ලැබුණු තොරතුරු මත වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා උපදෙස් ලබා දී ඇත්තේ වහාම එම මෙහෙයුම් කටයුතු යළි ආරම්භ කරන ලෙසයි.















































