කටාන දිවුලපිටිය මාර්ගයේ පිහිටි පෞද්ගලික කොහු ආශ්‍රිත නිශ්පාදන කෙරෙන කර්මාන්තශාලාවක අද (12) අලුයම 4.45ට පමණ ගින්නක් ඇති වූ බව වාර්තා වේ.
අද අලුයම කර්මාන්තශාලාවේ ඇති වූ ගින්න එහි සේවකයන් දැක ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් ගිනිනිවීම් ඒකකය දැනුවත් කර ඇති අතර එය මැඩපැවැත්වීමට ගම්පහ සහ මිනුවන්ගොඩ ගිනිනිවීම් ඒකයන් සහය දුන් බව කියයි.
මෙම ගින්නට නිශ්චිත හේතුවක් අනාවරණය වී නොමැති බැවින් කටාන පොලීසිය වැඩි දුරටත් විමර්ශන කටයුතු කෙරෙන බව කියයි.














































