වවුනියාද,ඉරට්ටපෙරියකුලම ප්‍රදේශයේ පවත්වාගෙන ගිය පොල් කොහු ගබඩාවක ඊයේ (21) සවස ඇති වූ ගින්නකින් එම ගබඩාව සම්පූර්ණයෙන් විනාශ වී ඇති බව වාර්තා වේ.
ගින්නෙන් එම ගබඩාවේ තිබූ යන්ත්‍ර සූත්‍ර සියල්ලම සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර ගින්න පාලනය කිරීම සදහා වවුනියාව නගර සභා ගිනි නිවීමේ ඒකකය ,ඉරට්ටපෙරියකුලම යුද හමුදා නිළධාරීන් සහ පොලිස් නිළධාරීන් එක්ව කටයුතු කළ බව සදහන්.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ,සිද්ධිය සම්බන්ධයෙන් ඉරට්ටපෙරියකුලම පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබයි.














































