අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කොළඹ දිස්ත්‍රික්කයේ අධිආරක්ෂිත කලාප කිහිපයක් ප්‍රකාශයට පත්කර ඇත.
පාර්ලිමේන්තු සංකීර්ණය හා ඒ අවට ප්‍රදේශ, ශ්‍රේෂ්ඨාධිකරණය හා ඒ ආශ්‍රිත ප්‍රදේශය, ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති මන්දිරය, නාවික හමුදා මූලස්ථානය, පොලිස් මූලස්ථානය, අකුරේගොඩ ආරක්ෂක අමාත්‍යංශය හා යුද හමුදා මූලස්ථානය, කොම්පඤ්ඤවීදිය ගුවන් හමුදා මූලස්ථානය, මල්පාර ආග්‍රාමාත්‍ය කාර්යාලය, කොල්ලුපිටිය අරලියගහ මන්දිරය ආශ්‍රිත ප්‍රදේශය, ආරක්ෂක ලේකම්වරයාගේ සහ ත්‍රිවිධ හමුදාපතිවරුන්ගේ නිල නිවාස පිහිටි ප්‍රදේශ අධි ආරක්ෂිත කලාප ලෙස නම් කර ඇත.



















































