මේ වන විට උද්ගතව ඇති ගෑස් හිඟය හේතුවෙන් කොළඹ සුපිරි වෙළඳසැල්වල රාක්ක දර සහ මැටි වළංවලින් පිරී ඇති අයුරක් දක්නට ලැබෙයි.
මහජනතාව විසින් මෙම විකල්ප ක්‍රමවේදය වෙත නැඹුරුව ඇත්තේ රට තුළ පවතින ගෑස් හිඟය සහ ගෑස් පිපිරීමේ සිදුවීම් දිගින් දිගටම වාර්තා වීමත් සමගයි.
එමෙන් ම වෙළඳපල තුළ මීට ඉහත දී භූමිතෙල් ලිප්වල හිඟයක් ද ඇති වූයේ මෙම ගෑස් ගැටලුව නිසාවෙන් බව පෙනී යයි.















































