හැටන් ෂැනන් වතුයායේ හින්දු කෝවිලක් අසලදී වැලි මුවෙකු මරා මස් කිරීමට කටයුතු කළ තිදෙනෙකු හැටන් පොලීසිය විසින් අත්අඩංගුඅවට ගෙන තිබෙන බව වාර්තා වේ .
මේ පිළිබදව කරන ලද විමසීමකදී අදහස් දැක්වූ හැටන් පොලීසියේ නිලධාරියෙකු පවසන ලද්දේ හැටන් වැවිලි සමාගමට අයත් හැටන් ෂැනන් වතුයායේ සිවන් කෝවිල අසල තේ වතුයායේ සැරිසරමින් සිටි වැලි මුවෙකු මරා මස් කිරීමට පිරිසක් සූදානම් වන බවට ලද තොරතුක් මත එම ස්ථානය වැටලූ හැටන් පොලීසියේ නිලධාරින් පිරිසක් විසින් මෙම තිදෙනා අත්අඩංගුවට ගත් බවයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හැටන් ඇබොස්ලි හා ලෙතන්ටි වතුවල පදිංචි අවුරුදු 55, 49, 42 යන වයස් වල පසුවන පුද්ගලයින් තිදෙනෙක් වන අතර මොවුන් හැටන් දිසා හා මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත බව වාර්තා වේ .














































