ඊයේ (13) සිනොපෙක් සමූහයේ නියෝජිතයන් සමග ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකච්ඡාවක් පැවති අතර එම සාකච්ඡාවේදී සිනොපෙක් සමූහයේ නියෝජිතයන් විසින් ශ්‍රී ලංකාවේ අවශ්‍යතාවය වෙනුවෙන් ඉන්ධන ආනයනය , ගබඩා කිරීම , බෙදාහැරීම සහ අලෙවිය සදහා ආයෝජනය කිරීමට තම ආයතනය සූදානම් බව ඔවුන් ප්‍රකාශ කරන ලදී.
එමෙන්ම ඛනිජ තෙල් බෙදා හැරීම පුළුල් කිරීම සදහා විධිමත් වැඩපිළිවෙලක් කඩිනමින් ආරම්භ කරන බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගෙන යන වැඩසටහනෙන් පසුව ශ්‍රී ලංකාව වේගවත් සංවර්ධනයක් අපේක්ෂා කරන බව ජනපති මෙම සාකච්ඡාවෙදී සදහන් කරන ලදී.
එමෙන්ම ඛනිජ තෙල් ආනයනය , ගබඩා කිරීම , බෙදාහැරීම , අලෙවිය සදහා ආයෝජනය කිරීමට දැනට පවතින ක්‍රමවේදවලට අනුගත වෙමින් තම ආයතනය අයදුම් කර ඇති බවත් රජය විසින් හදුනාගෙන ඇති හම්බන්තොට මූලික බලශක්ති කේන්ද්‍රස්ථානයක් පිරිපහදු අංගනයක් ද සහිතව ඉදිකිරීමට අවශ්‍ය සම්පූර්ණ ආයෝජනය සිදු කිරීමට තම ආයතනය සූදානම් බවත් සිනොපෙක් සංවිධානය මෙහිදී ප්‍රකාශ කරන ලදී.














































