ලංකා IOC සමාගම 2022 මාර්තු 31න් අවසන් කාර්තුව සඳහා රු. බිලියන 3.37 ක බදු ගෙවීමෙන් පසු ශුද්ධ ලාභයක් වාර්තා කිරීමට සමත් වී තිබේ.
ඊයේ (04) දිනයේ දී ලංකා IOC සමාගමේ නවතම මූල්‍ය ප්‍රකාශන, කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත ඉදිරිපත් කරමින් සමාගම මේ බව අනාවරණය කර ඇත.
2022 වසරේ ජනවාරි – මාර්තු කාර්තුව තුළ දී රු. බිලියන 29.48 ක ආදායමක් ඉපයීමට සමාගම සමත්ව තිබීම විශේෂත්වයකි.
මෙහිදී අදාළ කාලපරිච්ඡේදය තුළ දී ලංකා IOC සමාගම ලබා ඇති දළ ලාභය රු. බිලියන 5.01 ක් වන අතර සමාගමේ මෙහෙයුම් ලාභය රු. බිලියන 4.08 ක් ලෙසින් වාර්තා වේ.
බදු ගෙවීමට පෙර සමාගමේ ශුද්ධ ලාභය රු. බිලියන 3.95 කි.
මේ අතර රු. මිලියන 582.37 ක ආදායම් බදු ගෙවීමට සමාගම කටයුතු කර ඇත.
ඒ අනුව 2022 වසරේ ජනවාරි – මාර්තු කාර්තුව වෙනුවෙන් ලංකා IOC සමාගම වාර්තා කර ඇති බදු ගෙවීමෙන් පසු ශුද්ධ ලාභය රු. බිලියන 3.37 ක් හෙවත් රු. කෝටි 337ක් වේ.
මේ අතර අද දිනය තුළ දී ලංකා IOC සමාගමේ කොටස් මිල 32.14% කින් ඉහළ ගොස් තිබේ.













































