මෙම වර්ෂයේ ඛනිජ තෙල් සේවකයන්ගේ අතිකාල දීමනා ගෙවීම උදෙසා රුපියල් කෝටි 360 කට අධික මුදල් ප්‍රමාණයක් ඇස්තමේන්තු ගත කිරීමත් සමග ඛනිජ තෙල් සේවකයන්ගේ අතිකාල දීමනා ගෙවීම කපා හැරීමට රජය තීරණය කර ඇති බව වාර්තා වේ.
මෙම සකස් කෙරුණු ඇස්තමේන්තුව ලංකා ඛනිජ තෙල් සංස්ථාව සහ තෙල් තොග ගබඩා පර්‍යන්ත සමාගම විසින් එහි අනුමැතිය සදහා මුදල් අමාත්‍යාංශය වෙත යොමු කර ඇති බව වාර්තා වේ.එමෙන්ම තොග පර්‍යන්ත සමාගමෙහි සේවකයින් උදෙසා පමණක් රුපියක් කෝටි 180 ක අතිකාල දීමනා මුදලක් ඇස්තමේන්තුගත කර ඇති බව වාර්තා වේ.
2019 වර්ෂයේදී තොග ගබඩා පර්‍යන්ත සමාගමේ සේවකයින්ට අතිකාල දීමනා වශයෙන් රුපියල් කෝටි 172 කුත් 2020 වර්ෂයේදී රුපියල් එක්කෝටි හැට ලක්ෂයකුත් ලබා දී ඇති අතර මීට සමාන මුදලක් ඛනිජ තෙල් සංස්ථාවේ සේවකයින්ටද අතිකාල දීමනා වශයෙන් ලබා දී ඇති බව වාර්තා වේ.
මෙම ආයතන දෙකෙහි සේවකයින් සදහා ගෙවන වැටුප් සහ අනෙකුත් දීමනා වෙනුවෙන් වර්ෂයකට රුපියල් කෝටි 1500 කට වැඩි මුදලක් වැය කරන අතර ඇතැම් සේවකයින් වැටුප මෙන් දෙගුණයකට ආසන්න මුදලක් අතිකාල දීමනා ලෙස ලබා ගන්න බැවින් ඇස්තමේන්තු ගත කළ අතිකාල දීමනා සලකා බැලීමෙන් පසු එම වසරේ අතිකාල දීමනා කප්පාදු කිරීමට රජය තීරණය කළ බව වාර්තා වේ.