ප්‍රධාන ගංගා දෙකක් ආශ්‍රිතව නිකුත් කර තිබූ ගංවතුර අනතුරු ඇඟවීම තවදුරටත් දීර්ඝ කර තිබෙන බව වාර්තා වේ .
ඒ අනුව ගිං ගඟ ද්‍රෝණියට හා නිල්වලා ගඟ ද්‍රෝණියට නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීම ඉදිරි පැය 24 දක්වා දීර්ඝ කර තිබේ .
නිල්වලා ගංගා ද්‍රෝණියට ඇදහැලෙන වර්ෂාවත් සමග එම ගංගා ද්‍රෝණියේ පහළ ප්‍රදේශ වන අකුරැස්ස, මාලිම්බඩ, තිහගොඩ, මාතර සහ කඹුරුපිටිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට ගංවතුර මට්ටම නැවත ඉහළ යා හැකි බවට වාරි මාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබේ .
එමෙන්ම ගිං ගඟ ද්‍රෝණියේ ගංවතුර තත්ත්වය අඩුවෙමින් පැවතිය ද ඇතැම් ප්‍රදේශවලට තවදුරටත් ගංවතුර අවදානම් ඇති විය හැකි බැවින් එම ප්‍රදේශවල පදිංචි වී සිටින ජනතාවට අතුරු මාර්ගවල ගමන් කිරීමේ දී වඩාත් සැලකිලිමත් වන ලෙස ද වාරි මාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ .














































