දිවුලපිටිය , උල්ලලපොළ ප්‍රදේශයේදී ගජමුතුවක් සමඟ පුද්ගලයින් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
මොවුන් රුපියල් ලක්ෂ 22 කට මෙම ගජමුතුව විකිණීමට සූදානම් වන අවස්ථාවේ දී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ.
මෙම සැකකරුවන් දෙදෙනා නගත්තේගම සහ රාගම ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 22 සහ 47 යන වයස්වල පසුවන්නන් වන අතර මොවුන් අද (03) මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.