ඊයේ (24) රාත්‍රීයේ වව්නියාව නගරයේ පිහිටි ගණිකා නිවාසයක් වටලා කාන්තාවන් තිදෙනකු ඇතුළු සිවු දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
එම ස්ථානයේ ගණිකා නිවාසයක් පවත්වාගෙන යන බවට පොලිසියට ලද තොරතුරක් මත සිදුකරන ලද වැටලීමකදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති බවයි සදහන් වන්නේ.
අත්අඩංගුවට ගත් සැකකාරිනියන් වයස අවුරුදු 30-33 අතර බකමූණ, ඇළහැර ප්‍රදේශ වල පදිංචි කාරිනියන් වන අතර එහි කළමනා කරු ලෙස සේවය කල සැකකරු වයස අවුරුදු 40 ක පුද්ගලයෙකු වන බවයි වාර්තා වන්නේ.
සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහුන් සන්තකයේ තිබී වෙනත් අයවලුන්ගේ ජාතික හැදුනුම්පත් දොළහක් සොයාගත් බවත් අත්අඩංගුවට ගත සැකකරුවන් අද (25) දින වව්නියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් සදහන්වේ.














































