අත්පා ගැටගසා ගමන් මල්ලක බහාලූ කාන්තා මළසිරුරක් අද (04) සපුගස්කන්ද මාබිම මාර්ගය අසල කසළ ගොඩක තිබී හමුවී ඇත.
පොලිසිය සඳහන් කරන්නේ අදාළ කාන්තාව වයස අවුරුදු 35 – 40ත් අතර පසුවන්නියක් වන බවයි.
මියගිය කාන්තාවගේ අනන්‍යතාවය මේ වන තෙක් තහවුරු කරගෙන නොමැති අතර මළ සිරුර බහාලූ ගමන් මල්ල ද පැදුරකින් ඔතා තිබූ අයුරුද දක්නට ලැබී ඇත.
පොලිසිය සඳහන් කරන්නේ මියගිය කාන්තාව කළු සහ රතු වර්ණවලින් යුක්ත ගවුමකින් සැරසී අතර සිටින මළසිරුරේ අත්පා ගැටගසා දමා ඇති බවයි.
පුද්ගලයෙක් විසින් සැකකටයුතු ගමන් මල්ලක් ඇති බවට සපුගස්කන්ද පොලීසියට සිදුකරන ලද දැනුම්දීමකට අනුව මෙම මළසිරුර සොයාගෙන ඇත.
අදාළ මළසිරුර දැඩි ලෙස නරක් වී ඇති අතර කාන්තාව දින 05කට ප්‍රථම මියගොස් ඇති බවට සැක කෙරෙයි.
ඒ අනුව අද පස්වරුවේ මහර වැඩබලන මහෙස්ත්‍රාත් රමණි සිරිවර්ධන මහත්මිය අදාළ ස්ථානයට පැමිණ පරීක්ෂා කර ඇති අතර අනතුරුව මළසිරුර පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා රාගම ශික්ෂණ රෝහල වෙත රැගෙන ගොස් ඇත.