විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් ගල් අඟුරු ප්‍රසම්පාදනය වෙනුවෙන් කෙටි කාලීන අවශ්‍යතා සඳහා ටෙන්ඩර් කැඳවීම සම්බන්ධයෙන් ට්විටර් පණිවිඩයක් නිකුත් කර ඇත.
අමාත්‍යවරයා එහි සඳහන් කර ඇත්තේ ගල්අඟුරු ප්‍රසම්පාදනය වෙනුවෙන් කෙටි කාලීන අවශ්‍යතා ටෙන්ඩර් කැඳවීම ජාත්‍යන්තර තරඟකාරී මිල ගණන් අනුව සිදුකරන බවයි.
එමෙන්ම අමාත්‍යවරයා ඉන් වැඩිදුරටත් දැනුම් දෙන්නේ ලංකා ගල්අඟුරු සමාගමේ ලියාපදිංචි සහ ලියාපදිංචි නොමැති මෙම සැපයුම සම්පූර්ණ කළ හැකි ඕනෑම පාර්ශවයකට මේ සඳහා සහභාගී විය හැකි බවත් අවම දින 180ක ණය කාලයක් සමග සැපයුම සම්පූර්ණ කළ හැකි විය යුතු බවත් ය.
මේ අතර අමාත්‍යවරයා නිකුත් කළ ට්වීටර් පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් වන්නේ දීර්ඝ කාලීන ටෙන්ඩරය ද එළැඹෙන සතියේ නිකුත් කෙරෙන බවයි.














































