චුන්නාහම්, උඩුවිල් ප්‍රදේශයේදී පුද්ගලයෙකුට ගසක බැඳ පහර දී ඝාතනය කර ඇති බව වාර්තා වේ.
ඝාතනයට ලක්ව ඇත්තේ අවුරුදු 55 ක පුද්ගලයෙකි.
19 හැවිරිදි තරුණියක් සමග ප්‍රේම සබඳතාවක් පැවැත්වීම හේතුවෙන් අදාළ තරුණියගේ පාර්ශ්වයේ පිරිසක් පහරදීම සිදුකර ඇති බව සඳහන්.
ඔවුන් විසින් තරුණියට ද පහර දී ඇති අතර, ඇය මේ වනවිට තෙලිප්පලේ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.
පොලීසිය පැවසුවේ පහරදීම සමබ්න්ධයෙන් සැකකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.
ඔවුන් 23, 24, 38, 46 සහ 48 යන වයස්වල පසුවන චුන්නාහම් ප්‍රදේශයේම පදිංචිකරුවන් වේ.