English
සිංහල
00:05 සෙනසුරාදා, ඔක්තෝබර් 25, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    ග්‍රීසියේ සිදුවූ මානුෂවාදී ඛේදවාචකය ලංකාවේත් ඉදිරියේදී සිදුවෙයිද ……..

    publisher 1 by publisher 1
    වසර 3ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp
    • IMF සංවිධානයෙන් ග්‍රිසියේ ජනතාවට වූ හිංසනය
    • ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි
    • ශ්‍රී ලංකාවේ ආර්ථික වැඩපිළිවෙළ
    • ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මීළග ගොදුර ශ්‍රී ලංකාව

    “තිත්ත බෙහෙතක්” සහ “වස පානය” කිරීම අතර පැහැදිලි වෙනසක් තිබෙනවා. ශ්‍රී ලංකාව පවතින ආර්ථික අර්බුදයෙන් මිදීමට තිත්ත බෙහෙතක් යැයි සිතා වස පානය නොකළ යුතුයි.” යානිස් වරුෆකිස් (Yanis Varoufakis).

    යානිස් වරුෆකිස් ග්‍රීසියේ හිටපු මුදල් ඇමැති වරයා. ඔහු IMF සංවිධානය ග්‍රීසියේ කල මානුෂවාදී ඛේදවාචකය හොඳ හැටි අත් විඳි පුද්ගලයෙක්. වරුෆකිස් ප්‍රකාශ කරන අන්දමට ග්‍රීසිය 2010, 2015, 2016 සහ 2018 වර්ෂ වල IMF වෙත ගියත් සිදුවූ යහපතක් නොමැත. අවසානයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඔවුන් විසින් බලපෑම් කොට සිදුකල ආර්ථික ප්‍රතිසංස්කරණ හරහා ග්‍රිසිය කබලෙන් ලිපට වැටුණු බව ඔහු කියයි. වරුෆකිස් සිය තනතුර හැර යන්නේ ඔහුගේ උපදෙස් නොතකා තමාගේ අගමැති වරයා තෙවැනි වරටත් IMF සමග නැවත ගිවිසුම් ගත වීම නිසයි. අවසානයේ IMF සංවිධානය ග්‍රිසියෙ ජනයාට සිදුවූ හිංසනය පිළිබඳව ග්‍රීසියෙන් සමාව ගත් බව යානිස් වරුෆකිස් ප්‍රකාශ කරයි. දකුණු කොරියාව, ආජන්ටිනාව වැනි රටවලටත් සිදුවූයේ එයයි. ලෝකයේ IMF උදව්වෙන් ගොඩගිය කිසිදු රටක් සොයාගැනීමට නැති තරම් ය.

    නොබේල් ත්‍යාග ලාභී අර්ථ ශාස්ත්‍රඥයකු වන ජෝෂප් ස්ටිග්ලිට්ස් (Joseph Stiglitz) ඔහුගේ Globalization and Its Discontents පොතේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හඳුන්වන්නේ “ලෝකයේ දුප්පත්ම රටවල අසාර්ථක ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේ මූලික වරදකරු” ලෙසයි ( Primary culprit). ජෝෂප් ස්ටිග්ලිස්ට අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රටකට ණය දීමට නම් ඔවුන්ගේ කොන්දේසි ලෙස බදු ඉහළ දැමීම් (fiscal austerity), පොලී අනුපාත ඉහළ දැමීම (high interest rates), ආනයන ලිහිල් කිරීම (trade liberalization), පෞද්ගලිකරණය (privatization), ප්‍රාග්ධන වෙළෙඳපොළ විවෘත කිරීම (open capital markets) නීති රීති සීමා ලිහිල් කිරීම (Deregulation ) වැනි දෑ ක්‍රියාත්මක කිරීම තුල එකී රටවල ආර්ථිකය මත අනිසි බලපෑම් ඇති කිරීමට අමතරව ඒවායෙහි ජනයාට දරාගත නොහැකි ඵලවිපාක භුක්ති විඳීමට සිදුවන බවය. එය සත්‍යක් බව ලංකාවේ ඔබට මේ වන විට හොඳින් දැනෙමින් ඇත.

    අද ලංකාව මුහුණ දී සිටින්නේ මෙන්න මේ කියන්නාවූ ඵලවිපාකයන්ට ය. ලංකාවේ සමහර දේශපාලන පක්ෂ වල සිටින ආර්ථික කවුන්සිල ට්‍රොයිකාද ඔවුන්ගේ ආර්ථික වැඩපිළිවෙළේ මෙවැනි ප්‍රතිසංස්කරණ යෝජනා කරයි.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අවශ්‍ය දේ ඉටුකර ගැනීමට සුදුසු පාලකයන් ඔවුන් සෑම විටම සොයාගනී. ඔවුන්ගේ ප්‍රතිසංස්කරණ වට්ටෝරුව ලංකාවේ ක්‍රියාත්මක කිරීමට ඔවුන් සෑම විටම උත්සාහ කලේ රනිල් වික්‍රමසිංහ සමගයි. කාලයක් තිස්සේ කල උත්සාහය මෙවර ඔවුන් සාර්ථක කරගෙන ඇත. එම නිසා ඔහුව ආරක්ෂා කරගැනීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රමුඛ අමෙරිකාවේ අවශ්‍යතාවය යි.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාවට සහන දීමට ඉදිරිපත් වන්නේ ඔවුන්ගේ ස්වාමීන් එනම් ලංකාවට ණය දී ඇති Black Rock Inc (US), Ashmore Group (UK), Allianz(Germany), HSBC (UK), JPMorgan Chase (US), Prudential (US) වැනි ස්වෛරී බැඳුම්කර හිමියන් ආරක්ෂා කිරීම මිස අන් කිසිවක් නොවෙයි. මා ඊයේ ලිපියේ ප්‍රකාශ කල අන්දමට ලංකාව ස්වෛරී බැඳුම්කර හරහා මොවුන් ගෙන් ලබා ගෙන තිබෙන්නේ සමස්ත ණයෙන් 36% ක කොටසක් වුවත් (ණය තොගය ඩොලර් බිලියන 100.9) https://www.mof.lk>update>to>creditors සමස්ත ණය සඳහා ලංකා රජය ගෙවන පොලියෙන් 76% සූරාකන්නේ ඉහත බැදුම්කර හිමියන් කිහිප දෙනා විසිනි.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට හෝ ඉහත සමාගම් වලට ලංකාවේ අඩු ආදායම් ලාභියා මහා මාර්ගයේ හිඟා කෑවත්, කර්මාන්ත වැසී ගියත් , වෘත්තිකයා පාරේ උද්ඝෝෂණ කලත්, ශිෂ්‍යා පෙළපාලි ගියත්, කොටින්ම රටට හෙන ගැහුවත් ඔවුන්ගේ ණය ලබා ගැනීම සඳහා ඔවුන් විසින් නිර්දේශිත වට්ටෝරුව පාලකයා ක්‍රියාත්මක කරයි නම් එය හොඳටම ප්‍රමාණවත් ය. ඉන් එපිට ඔවුන් තුල මානුෂීය හැඟීම් නැත. ඛේදවාචකය එයයි. ලංකාවේ බොහෝ මැද පංතියේ පිරිස් හිතනා තරම් සුන්දර රටක් මේ හරහා නිර්මාණය නොවනු ඇත.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඊලඟ ගොදුර බවට පත්වීමට නියමිතව ඇත්තේ ශ්‍රී ලංකා මහ බැංකුවයි. එය ලබන 21 වනදායින් පසු ඔබලාට බලා ගැනීමට හැකිය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඔවුන්ට අවශ්‍ය ලෙස අධිපති වරයා ඒ සඳහා සූදානම් කොට තිබෙන බව නව මුදල් පනත කියවීමේදි පැහැදිලි වෙයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නව මුදල් පනත මගින් ජනයා විසින් පත්කරන ආණ්ඩුවට පිටින් තවත් ආණ්ඩුවක් හැදීමට සූදානම් වෙයි.

    නයෝමි ක්ලේන්ගේ (Naomi Klein) ගේ ආපදා ධනවාදය (Disaster Capitalism) ලංකාවේ දැන් හොඳින් ක්‍රියාත්මක යි. ඇයගේ Shock Doctrine කෘතියේ මෙම තිර කතාව හොඳින් පැහැදිලි කර ඇත. එහෙත් සම හරක් ලංකාවේ ජනයා ඒවා දැන ගැනීමට අකමැතිය. නව ලිබරල්වාදය විශ්වාස කරන්නන්ගේ ගුරු, මිල්ටන් ෆ්‍රීඩ්මාන් (Milton Friedman) කියන ආකාරයට නිර්වින්දනයට ලක් වී ඇති ජනයා පියවි ඇස් විවෘත කිරීමට පෙර මේ සියල්ල සිදු කල යුතුය. එය ලංකාවේ පාලකයා හොඳින් කරමින් සිටී. ජනයා නැගිටින විට ඔවුන්ගේ ඇඳිවතත් ගලවා ගෙන ගොස් ඇති බව ඔවුන් දැන ගනී. ලංකාවේ ජනයිනි, එතෙක් සුවසේ නිදන්න.

    ශාන්ත ජයරත්න
    ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ හිටපු ජ්‍යෙෂ්ඨ උපදේශක
    17.3.2023

    Tags: ප්‍රජා පුවත්ප්‍රමුක පුවත
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    Uncategorized

    බස් රථ අනතුරකින් අයෙක් මරුට.

    මාර්තු 17, 2024
    Uncategorized

    පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් .

    මාර්තු 16, 2024
    Uncategorized

    අලුතින් ග්‍රාම නිලධාරීන් 2002ක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    පොලිස්පති පත් කිරීමට එරෙහිව FR පෙත්සමක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    දුම්රිය ආසන වෙන් කිරීමේ ගැටලුවක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    බොන්න වතුර නැත්තන් 117ට කියන්න.

    මාර්තු 15, 2024
    Uncategorized

    විද්‍යා පීඨවලට ඇතුළත් වීමට අයදුම්පත් කැදවයි .

    මාර්තු 15, 2024
    Uncategorized

    කෙහෙළියගෙන් මහාධිකරණයට ඇප අයදුම්පතක්.

    මාර්තු 15, 2024
    Uncategorized

    දෙදරා ගිය අනියම් පෙම – දරුවන් දෙදෙනෙකු අනාථ වෙයි.

    මාර්තු 15, 2024
    Uncategorized

    19 වනදා සිට යළිත් සෞඛ්‍ය වර්ජනයක් .

    මාර්තු 15, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version