ජනවාරි 3 වනදා ත්‍රීරෝද රථයකින් විදෙස් සංචාරක යුවලක් රැගෙන යමින් සිටි රියදුරකු හට ගාල්ල නගරයේදී තර්ජනය කල පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව සදහන් වේ.
ගාල්ල රිචඩ් පතිරණ අනුස්මරණ පුස්තකාලය ඉදිරිපිටදී සිදු වූ මෙම සිදුවීම විදෙශ් යුවළ විසින් වීඩියෝ ගත කොට සමාජ මාද්‍යට මුදාහැර ඇති අතර ඒ ඔස්සේ ගාල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් ත්‍රීරෝද රථ රියදුරාහට තර්ජනය කල පුද්ගලයන් සොයා විමර්ශන සිදු කිරීමෙන් අනතුරුව ඔහුන් අද දින අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.
සැකකරුවන් ගාල්ල නගරයේ කුලී ත්‍රීරෝද රථ රියදුරන් වන අසංක නුවන් සහ රුවන් චාමර නම් දෙදෙනකු බව සදහන්වේ.
සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 21 වන දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකොට තිබේ.














































